Chapter 04

අන්‍යොන්ග්සෙයෝ
...............................

කවුද ඔයා?
...............................................

...........................................................
Evening
   @ Park house 
     Author pov.

             යේජි ජීසුගේ කාමරේ ගාවට ගිහින් හැමදාම කතා කරාට දැන් දවස් දෙක තුනක ඉඳන් ම ජීසුගෙන් කිසිම සද්දයක් නැති නිසා යේජි ඇවිත් ආයිමත් සැරයක් කතා කරා... Mr.Park ජීසුට ගහපු දවසේ ඉඳන් තාමත් කාමරේට වෙලා office එකේ වැඩ කර කර ඉඳපු ජීසුගෙන් කිසිම සද්දයක් නැති නිසා යේජි දොර ඇරලා බලද්දි ජිසූ කාමරේ පේන්න ඉඳපු නැති නිසා එයා ඇතුළට ගියා..

            ඔන්නී... යේජි කැගහද්දි දුවගෙන ජීසුගේ කාමරේට ආපු හීජි දැක්කේ ජීසු බිම වැටිලා ඉන්නවා...

      හීජී ඉක්මනට පහළට ගිහින් Dr. Jia ට call එකක් අරගත්තා... ටික වෙලාවකට පස්සේ ආපු jia ජීසුව බලලා..
  
    ( Dr. Jia කියන්නෙ jisoo ගේ collage එකේ යාලුවෙක් )

         හීජි.. ජි සු මහන්සි වෙනවා වැඩි නේද...

         ආ.. මේ... ඔව් ඔන්නි පොඩ්ඩක් විතර... හි ජි හිනාවක් දාලා jia ගෙ ප්‍රශ්නෙට උත්තර දුන්නා..    

        පොඩ්ඩක් නෙවෙයි ළමයෝ හොදට ම.. සති දෙක තුනක් යනකම් වැඩ වලින් අහක් වෙලා ඉදියොත් හොදයි..

        හරි ඔන්නි කියන ගමන් හි ජි...

       ඔන්නි පහළට යං මං බොන්න මොනව හරි හදලා දෙන්නම්..

      දැන් නම් බැරිවෙයි හීජි මට හදිස්සි වැඩක් තියෙයි ඒක නිසා මං යන්න ඕනි.. පස්සේ එන්නම්කෝ ජීසු ව බලලා යන්නත් එක්ක ම්ම්..

     ඒත් ඔන්නී...

      මං එහෙනම් ගිහින් එන්නම්.. ඔන්නි ව හොඳට බලා ගන්න..

     ටික වේලාවකට පස්සේ Mrs.Park ජීසුගේ කාමරේට එද්දි දැක්කේ ජීසුගේ ඇඳ ගාව දෙපැත්තෙන් ඉඳගෙන නිදාගෙන ඉන්න හීජිවයි යේජිවයි.. තුන්දෙනා ම හොඳට ම නිදි නිසා කතා කරන්නේ නැතුව පහළට ගියා.....

........................................................................
Next day
   Morning

    හිජී.. යේජි ඔයාලා දෙන්නා යන්න ගිහින් කන්න.. මං ජීසු ළඟ ඉන්නම්....

    මට බඩගිනි නෑ ඔම්මා... ඔම්මයි යේජී ගිහින් කන්න මං ඔන්නි ළඟ ඉන්නම්... පොතක් බලන ගමන් හිජී කිව්වා...

     මටත් බඩගිනි නෑ ඔම්මා.. ඔම්මා කන්න.... යේජි ජීසු ළඟින් වාඩිවෙන ගමන් කිව්වා

     දැන් ඔයාලා දෙන්නත් හදන්නේ ඔන්නි වගේ ලෙඩ වෙන්න ද... Mrs Park අහද්දි ම කාමරේට ආපු Mr.Park

     දැන් තමුන්ලා දෙන්නත් හදන්නේ ජීසු වගේ ලෙඩ වෙලා මාව බය කරන්න ද අහ්.. තමුන්ලා ඒ වගේ මෝඩ වැඩක් කරා කියලා මේ මාව බය කරන්න බෑ.. ඕන්නම් කනවා නැත්තම් නිකන් ඉන්නවා.. Miyung sun පොඩ්ඩක් පහළට එන්න මට ඔයාට කියන්න දෙයක් තියෙයි... එහෙම කියලා Mr.Park කාමරෙන් එළියට යද්දි ඒ එක්ක ම Mrs.Park පහළට ගියා..

     ඔන්නි ඔයා ගිහින් wash එකක් දාගන්න මං ජීසු ඔන්නි ළඟ ඉන්නම්

     හරි යේජි මං wash එකක් දාගෙන එන්නම් ජීසු ඔන්නිට නැගිට්ටොත් මට කියන්න.. එහෙම කියපු හීජි එයාගේ room එකට ගියා..

........................................................................
3 days later..
Author pov..

    ඔන්නි ඔයා දැන් ඔය වැඩට යන්නද ලෑස්ති වෙන්නේ ? හිජී කාමරේ දොර ගාව ඉඳන් අත් දෙකත් බැඳගෙන අහද්දී

    ඔව් හීජි දැන් වැඩ ගොඩ ගැහිලා ඇත්තේ ආබුජි ආයිමත් LA ගියානේ...

    ඔන්නි ඒ උනාට ඔයා යන්න එපා.. මං එහෙ වැඩ ටික බලන්නම්... ජියා ඔන්නි කිව්වා ඔයාට වැඩිය මහන්සි වෙන්න එපා කියලා සති තුනක් විතර Rest කරන්න කිව්වා.. තාම දවස් කීයද ගියේ.. ඔයා හදන්නේ ආයිත් ලෙඩ වෙන්නද?

     හරි අද විතරයි යන්නේ.. මං ඉක්මනට එහෙ වැඩ ටික ඉවර කරලා එන්නම්.. අද විතරයි යන්නේ..

     අහ් ඔන්නී ඒත් අනේ මන්දා මට නම් ඔයාව තේරෙන්නේ නෑ.. හරි අද විතරයි ඉක්මනට එන්න ඕනි... ඔම්මාටත් අද ගෙදර එන්න වෙන්නේ නෑ කිව්වා...

     හිජී ඔන්නි ඔයා ලෑස්ති උනාද? කියන ගමන් යේජි ජීසුගේ කාමරේට ආවා...

    ජීසු ඔන්නි ඔයා ආයිමත් සැරයක්..

    හරි හරි කෝ දැන් දෙන්න ම හරි නම් අපි යමු.. හීජි කියද්දි.. ජීසු

    ඔයාට අද වැඩ නැද්ද?

    නෑ අද මට නිවාඩු.. මං එනවා අද ඔන්නිත් එක්ක Office යන්න..

    හරි එහෙනම් යමුකෝ... කියන ගමන් තුන්දෙනා ම පහළට ගිහින් හීජිගේ car එකට නගිද්දි Da hyung ඇවිත්...

   මිස් Mun hee මිස් ව මං එක්කගෙන යන්නම් මිස්ට පරක්කු වෙනවා නේ..

   ඒකට කමක් නැහැ.... එයා අද අපිත් එක්ක එක්කගෙන යන්නම්...

   ඒත් මිස් ලොකු සර්...

    ඔයාට එක පාරක් කිව්ව ම තේරෙන්නේ නැද්ද? Mun hee අද අපිත් එක්ක යන්නේ.. ඔයාට ඕනි නම් අද නිවාඩු ගන්න.. එහෙම කියපු හීජි වාහනේ පදවගෙන ගියා...

10 minutes later

     ඔන්නී මේ අම්මා කිව්ව හැම සෙනසුරාදට ම අපිට අර Kimලව හම්බවෙන්න යන්න කියලා...යේජි කියද්දි

     මට නම් ඔය මිනිස්සු ටික පේන්න බෑ.. ජීසු ඒක කිව්වේ මූණත් තරහෙන් රතු කරගෙන.

    ඔයා බෑ කිව්වට හරි යන්නේ නෑනේ යන්න වෙනව නේ ඔන්නි.. හීජි කිව්වා

    ඔන්නි අපි සිංදුවක් දාමු ද? යේජි ඇහුවා 

    මොකද්ද දාන්නේ ? හීජි කියද්දි

    Moon දාමු.. ජීසු කිව්වා

   බෑ.. එහෙම කියලා හීජි Filter song එක Play කරා..

30 Minutes later...

  ඔන්නී මං එහෙනම් යනවා.. ඔයාල පරිස්සමෙන් යන්න.. යේජි කියද්දි

  හරි යේජි ඔයත් පරිස්සමෙන් යන්න.. ජීසු කිව්වා

  ටික වෙලාවකට පස්සේ හීජි ජීසුව office එක ළඟින් බස්සලා office එකට ටිකක් එහායින් තියෙන coffee shop එකට ගියා...

........................................................................
Jisoo office

  Good morning.. මැඩම් වැඩ කරන කට්ටිය ජීසුට කියද්දි

  Good morning.. එහෙම කියපු ජීසු එයාගෙ office room එකට ගියා.. ජීසු යනවත් එක්ක ම ජීසුගේ secetary ජීසුගේ office room එකට ගියා..

   මිස් මේ අර Mr.Kang එක්ක කරපු project එක.. කියන ගමන් secetary Project එකේ file එක ජීසු අතට දුන්නා...

  ම්ම්.. එතකොට Mr.Kim එක්ක කරපු project එක

  මැඩම් මේ.. ඒ project එක තාම මේ..

  දැන් ඔයා කියන්න හදන්නේ තාම project එකේ file එක compelete කරේ නැ කියල ද?

  මැඩම් මේ..

  හරි තව විනාඩි 10කින් ඒ file එකේ වැඩ ටික සේරම ඉවර කරලා මට ගෙනත් දෙන්න කියලා සන්ජුන්ට කියන්න.. මතකනේ විනාඩි 10යි..

   ඒත්.. මේ..මේ.. හ.. හරි මැඩම්

   ජීසු file වගයක් බල බල ඉද්දි Doctor Jiaගෙන් කෝල් එකක් ආවා..

  Hello jia

   අහ් කෙල්ලේ ඉතින් කොහොමද? බෙහෙත් ටික පිලිවෙළට බොනවා නේ..

   දැන් නම් හොඳයි Jia ඔයාට කොහොමද? ඔව් ඔව් 🙄

   ජීසු මොකද අනේ වෙලා තියෙන්නේ.... Jia අහද්දි ම secetary ඇවිත්

   මැඩම් මේ.. chairman sir ඇවිත්...

    දැන් office එකට..

   ඔව් මැඩම් පහළ ඉන්නවා

   අහ් හරි ඔයා යන්නකෝ.. ජීසු කියද්දි

   ජීසු මොකද්ද ඒ කිව්වේ ඔයා මේ දැන් ඉන්නේ office එකේද?

   Jia මට... මට යන්න වෙනවා මං ඔයාට පස්සේ call එකක් ගන්නම්.. බායි.. එහෙම කියපු ජීසු call එක කට් කරලා පහළට ගියා..

........................................................................
HYBE entertainment...

   මේ සෝලො මොනවද ඔච්චර කල්පනා කරන්නේ

   මේ ජිමිනෝ මං හිතන්නේ හොබී හියුන්ග් කිව්ව හරි එයා Mr.Parkගේ දුවෙක්..

   කවුද ඔයාගේ යේඔජාචිංගු..

   ඔව් ජිමිනා.. එදා Mr.Park මට call කරා...

...........................................................
Flash back...

අන්‍යොන්ග්සෙයෝ

අන්‍යොන්ග්සෙයෝ මේ Mrs.Kim ji yeongගේ පුතා නේද?

කවුද ඔයා?

මං Mr.Park Si kyung

අහ්.. චොම්මල් මියානේ Mr.Park මං දැනන් ඉඳියේ නෑ..

ඒකට කමක් නෑ පුතා.. It's ok.. පුතා එදා ඔයාව හම්බවෙන්න ඕනි කෙනා නෙවෙයි එදා හම්බෙලා තිබ්බේ ඒක වැරදීමක්..

..Flash back end...

  ජිමින් එයාලා තුන්දෙනා ම එක පවුලේ නම් ඇයි තුන්වෙනියා ගැන විස්තර නැත්තේ අඩුම Photo එකක්වත්

  මොකක් හරි හේතුවක් ඇති සොලා.. අනික ටේ ඔමොනි කිව්ව නේද ආයිත් සැරයක් ගිහින් හම්බවෙන්න කියලා...

   කාවද හ්‍යුන්ග් හම්බවෙන්නේ..  කියන ගමන් කුකිත් ජින් හ්‍යුන්ග්ලත් එක්ක ජිම්න්ගෙයි ටේගෙයි කතාව මැද්දට පැන්නා

    ඇයි ජිමින් ඔයාටත් proposal කරලද ඔම්මලා... හොබීත් එයාලා ගාවට එන ගමන් අහද්දි

   මට නෙවෙයි හ්‍යුන්ග් මේ ටේ ගැන කිව්වේ.. ජිමින් හිනාවෙන ගමන් කිව්වා

  ඇයි ටේ..

   නෑ හ්‍යුන්ග් මං හිතන්නේ අපි හිතුවා හරි..ම්

   මොකද්ද දැන් හරි.. ජින් අහද්දි

    අර හ්‍යුන්ග් ටේගේ යේඔජාචිංගු හ්‍යුන්ග්ලා දෙන්නගේ යේඔජාචිංගුලා දෙන්නගේ යොදොන්ග්සෙන්.. ජිමින් කිව්වා

  අහ්.. නම්ජුනුයි මමයි දැන් කියන්න ආවෙත් ඕකමයි..

  එහෙනම් හියුන්ග් එයා හදාගත්තු ලමයෙක් වෙන්න ඇති.. නැත්තම් ඇයි එයාගේ විතරක් photo නැත්තේ එයාගේ නූනලා දෙන්නගෙත් photos එහෙම තියෙද්දි.. කුකි ඇහුවා..

  දැන් තමුසෙට මොකටද ටේගේ යෙඔජාචිංගුගේ photo.. ජින් අහද්දි

   නෑ.. හ්‍යුන්ග් ඉතින් මං කිව්වේ.. 😁 කුකී දත් සෙට් එක පෙන්නලා හෙමීට එතනින් මාරු උනා..

........................................................................
4 days later..
  @ University
   Morning

   වැඩක් තිබුණු නිසා උදේම University එකට ආපු යේජි ඉක්මනට වැඩේ ඉවර කරගෙන coffee shop එකට යන්න University එකෙන් එළියට ඉද්දි ම  යේජි ලඟින් වාහනයක් ඇවිත් නැවැත්තුවා.....

.
.
.
.
.
.
.
.
.
මතු සම්බන්ධයි...

     හායි✋

    හුඟ කාලෙකින් නේද?🙂

    ඔයලට කොහොමද? 😀

    හොඳින් ඉන්නවා නේද? 😊

    අද කතාව හොඳයි ද? 🙃

     ඔයාලා කැමති නම් comment එකක් vote එකක් දාන්න. අඩුපාඩු තියෙයි නම් කියන්න. Vote කරන comment කරන කතාව කියවන හැමෝට ම ස්තූතිය.❤️ ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න❤️🤗

Comment