Chapter 02 ✨💫



Hiru prov, 


ඔව්...මන් මැරිලා නැත්තන් කවදාවක් මේ වගේ සැහැල්ලුවක් දැනෙන්නෙ නැනේ.සමහරවිට මන් දිව්‍යලෝකෙවත් ගිහින්ද දන්නෙ නෑ.ඒත් මන් කරන තරමක් කරලා තියෙන්නේ හෙන නසරානී වැඩ නිසා මට දිව්‍යලෝකෙ නම් ඉඩක් තියෙන්න විදිහක් නෑ.ඒත් මගේ යාලුවෝ.....උන්ටනම් කොහෙත්ම ඉඩක් නෑ හුම්ම්....


මන් හිමින් සීරුවේ ඇස් අරින්න බැලුවෙ මන් මේ ඉන්නේ මොන දේවාලෙද කියලා බලන්න.ඒත් එක්කම මට ඇහිච්ච ස්වීට් වොයිස් එක නිසා මට නිකන් කරන්ට් වදිනව වගේ හැගිමක් දැනුනා.මන් කවදාවත් ඒ වගේ වොයිස් එකක් අහලා නෑ.මන් ඇස් ඇරලා බැලුවේ ඒ කටහඩේ අයිතිකාරයා එයාගේ වොයිස් එක වගේම ලස්සනයිද කියලා බලන්න.මන් ඇස් දෙක ඇරියා විතරයි මන් දැක්කේ.....






( පල්ලෙහට යන්න කලින් එයා කවුද කියලා කියන් යන්න.)





























මෙන්න මේ වගේ කෙනෙක්. 😱




ඒ වෙලේනම් මන් කවදාවත් නැති තරම් බය උනා.මගෙ කමඩාන්ට් සීන් කැලේ.කොහොමහරි මන් ඉදලා තියෙන්නේ ඇදක් උඩ.ඉතින් මන් එහෙම්මම කෑගහගෙන ඇද උඩ දෙපාරක් උඩ පැනලා ආපහු ඇදෙන් පනින්න හදනකොටම මන් නැවතුනේ කාගෙද මන්දා කරේ.හරියටම කිව්වොතින් මන් එයාගෙ අත් දෙක උඩ.නිකන් හරහට වඩාගෙන වගේ මට දැනුනේ.


??? - හායි


අම්මෝ මේ පාරනම් මන් ඉන්නේ අර ස්වීට් වොයිස් එකේ අයිතිකාරයගෙ අත් දෙක උඩද මන්දා.මන් එයාගේ කරේ එල්ලුනාටත් වැඩි වේගෙකින් ආපහු ඇදට පැන්නේ මන් තාමත් බය වෙලා හිටපු නිසා.අනික කෙල්ලෙක්ද කොල්ලෙක්ද එහෙමත් නැත්තම් ඒ සතෙක්ද කියන්න මන් දන්නෙ නැනේ.මෙච්චර වෙලා උනු දේවල් හැටියට එහෙම දෙයක් උනත් වෙන්න පුලුවන්නේ.


මන් කෙලින්ම ඇද උඩ හිටන් වටපිට බැලුවෙ මොක්කු මොක්කු මගෙ ගාව ඉන්නවද කියලා බලන්න.මුලින්ම දැක්කෙ අර කලින් දැක්කා වගේ ඒලියන්ස්ලා හතරදෙනෙක්.ඒ වෙලේ නම් මට ශරීර කෘත්‍යයක දැඩි අවශ්‍යතාවයක් ආවා.ඊට පස්සේ දැක්කෙ අර ස්වීට් වොයිස් එකේ අයිතිකාරයද මන්දා.එයා නම් මනුස්සයෙක් වගෙයි.ඒත් ඊට වඩා ලස්සනයි.ඒත් වැඩේ කියන්නේ ඌ දොඩම් ගෙඩි දෙකක් තරම්වත් උස නෑ.ටික වෙලාවක් ගියාට පස්සෙ තමා මගෙ ප්‍රඥා ගුණවත් මොලේට තෙරුනේ මන් මේ ඇද උඩ ඉන්න නිසා තමා මෙයාලව බටු ඇට වගේ පෙන්නේ කියලා.මිස්ටර් ස්වීට් වොයිස්ගෙ අහල පහලම තව ලස්සන ඒලියන්ස්ලා හත්දෙනෙක්ගෙ ෆෝටො එකක් තිබුනා.මොනා උනත් මෙයාල ඒලියන්ස්ලා උනත් මාර ලස්සනයි.





???- "හායි මම ජිමින්.පොඩ්ඩක් ඔයාට ඕකෙන් බහින්න පුලුවන්ද ඒලියන් ? "


" මොකක් ඔයා මටද ඒලියන් කිව්වෙ? ඔයානෙ මෙතන ඉන්න ඒලියන්."


Jimin - "ඔයා අපේ තැනට ඇවිත් මට ඒලියන් කියනවද ? අහ්හ්...?


" එතකොට මන්ද මෙතන ඒලීයන් ?"


Jimin - "නැත්තන් මම යැ "


" ඒ කියන්නේ අපි ආපු ග්‍රහලෝකෙ.....ඇත්තමට මේක වෙන්න පුලුවන් දෙයක්ද ?....අනී මට පිස්සුද මන්දා...."


Jimin - " හරී උනේ මොකක්ද කියලා මන් කෙටියෙන් කියන්නම්කෝ.ඔයාල අපේ ග්‍රහලෝකෙට කදන් වැටුනා."


"හ්ම්ම් තව ..."


Jimin - " තව කියන්නේ...එච්චරයි "


" මොකක් එහෙනම් මන් කොහොමද මෙතෙන්ට ආවේ"


Jimin - " අපි උස්සන් ආවා. ඔයාල මාර බරයිනේ.තව ඩින්ගෙන් මගෙ කොන්දත් ඉවරයි."


"සැක්... කිව්ව කැත." මන් මට විතරක් ඇහෙන්න කිව්වෙ මෙ ගොන් කොටාට ඇහෙන්නැති වෙන්න."


Jimin - " අපි ඔයාලව එක්කම් එන අතරේ එක්කෙනෙක්ට සිහිය තිබ්බා.හෙන කොට ඩයල් එකක්.ඔයාට දැන් පුලුවන් වෙයි එයාව හම්බෙන්න ."


"හරි තැන්ක්ස් "


Jimin - " එහෙනම් මන් යනවා"


" අනේ පොඩ්ඩක් ඉන්න ඇත්තටම ඔයාල කවුද ? ඒ වගෙම මගෙ යාලුවො හොදින්ද ?"


Jimin - "පලවෙනි ප්‍රශ්නෙටනම්...අපිට  කියන්නෙ bangtan කියලා. අපේ ග්‍රහලෝකෙට කියන්නේ Bangtan world කියලා.ඒ වගේම ඔයාගෙ යලුවො හොදින් කම්පනේ නිසා සිහිය නැති වෙලා විතරයි.ඒත් අර කොට ඩයල් එකටනම් සිහිය තියේ.කොයි වෙලෙත් මොකාද වගේ කියවනවා."



(Bangtan world) 


.


.


.


.


.


.


හායි....


කොහොමද මගෙ ඒලියන්ස් රීඩර්ස්ලට ? 👽


කමක් නැනේ කොට චැපි දුන්නට.දිග ඒවා ලියද්දි නිකන් අවුල් යනවා වගේ දැනෙනවා.


අද චැපිය හරි නැද්ද මන්දා.....😣


එහෙනම් පරිස්සමෙන් ඉන්න.💖✨




_____SANU_____

Comment