Chapter 25 🌧️⛈️

මම ඉදගෙන හිටපු තැනින් කෑ ගහගෙන නැගිට්ටේ ඔප්පා කියවන දේවල් හිතා ගන්න බැරුව.....

Minshu - : එ.... එ...... එතකොට.... එතකොට.....

ටේ ඔප්පා.....

ටේ ඔප්පා අපිට කියපු හැමදේම බොරු ද.....

ඇ.... ඇයි.... ඇයි.... එයාලා අපිට බොරු කිව්වේ.....

Mingi - : ශ්ශ්ශ්ශ්..... ඒක ඇත්ත මින්ශූ.... ටේ ඔයාලට බොරු කිව්වේ නෑ..... මෙතනින් ඉදගන්න කියන්න.... මමයි ජුනයි,ජින් හියුන්ග්, සුනී නූනා මේ අපි තමයි එයාලට බොරු කිව්වේ. අපි හතර දෙනා ඇරුනම මේ ඇත්ත දන්නෙ ජීහෝයී දැන් ඔයයි විතරයි. ලොකු මිනිස්සුන්ගෙ වැරදි නිසා තමයි අපේ අහිංසක මැණික අනිත් අය ඉස්සරහා අනාථ ලමයෙක් උනේ..... ජීහෝ කියන්නෙම අවස්ථාවාදී චරිතයක්.....මේ දේවල් ඇත්ත වෙන්න බෑ මින්ශූ.....

අපේ ජූන්මී ජීහෝ ලගට ආවා දවසෙ ජුනා මුලින්ම කතා කලේ මට. අපි එදත් ආවේ මෙතනට.... එදා ජුනා කෑ ගැහුවේ එයාට තිබ්බ සතුටද දුකද දරා ගන්න බැරි උනේ කියලා එයාගෙ හොදම යාලුවා උන මට වත් තේරුනේ නෑ.... සතුට වගේම දුකත් ඒ ඇස් වල එදා මම දැක්කා.... මාසයක් විතර කටහඩ පවා ගොඩක් වෙනස් වෙලා තිබ්බා.... ඒ තරමට ජුනා මෙතනදි කෑ ගැහුවා..... ඇස් වල කදුලු පුරවගෙන මාවත් බදාගෙන කිව්වේ මින්ගියා මම අප්පා කෙනෙක් වෙන්න යනවා කියලා..... මම බය උනා.... මොකද ජුනාගෙ අනාගතේට ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න ඉඩ තිබුන නිසා..... එදා ඉදලා ජීහෝගේ වෙන චූටි චූටි වෙනස්‌කම් මට ජුනා මට කිව්වේ අඩන ගමන්..... ඒත්... ර්‍

ජූන්මි ඉපදිලා දවස් තුනක් යන්නත් කලින් එයාව දාලා ජීහෝ වෙන රටකට ගියා.... අන්න එතකොට තමයි සුනී නූනා මේ ගැන දැන ගත්තෙ. අම්මගෙ ආදරේ හොය හොය ජූන්මි උදේ රෑ නැතුව කෑ ගගහා අඩනකොට ජුනා ජීවත් උනේ මැරෙන්න බැරි කමට......

Minshu - : ඇති ඔප්පා......

මම ඉදගෙන හිටපු තැනින් නැගිටලා දුවලා ආවේ අපි මේ තරමට විශ්වාස කරපු අය අපිට බොරු කලා කියන හේතුව නිසා... මම යාරා ලගට යනකොට ජූන්මි වගේම නම්ජූන් ඔප්පත් ඇවිත් හිටියා.....

යාරා..... එයාලා අපිට බොරු කලා.... යාරා ඔය ආදරේ බොරුවක්......එයාලට ඕන උනේ ඔයාගෙ මාර්ගයෙන් ජූන්මිට ඔම්මා කෙනෙක් දෙන්න විතරයි..... නම්ජූන් ඔප්පා යාරා ගේ උකුල උඩ ඔලුව තියාගෙන ජූන්මී එයාගෙ බෙල්ල තුරුලු කරගෙන..... යාරා ගොඩක් ඒ දෙන්නටම ආදරේ කලා.... හරි.... මම මේ තරම් බය උන හේතුව හරි...... යාරා ඔයාට අද ඉදලා ජීවත් වෙන එකත් දඩුවමක් වේවී.....

මම දුවලා ගිහින් යාරාගේ අතින් ඇදලා ගත්තා....

Yara - : මොකද මින්ශු මේ බලන්න අපේ ජූන්මි....

Minshu - : ජූන්මී මෙහෙ එන්න මැණික......

මම යාරාගෙ අතේ හිටපු ජූන්මිව අරගෙන නම්ජූන් ඔප්පට දුන්නා..... යාරාගේ අතින් ඇදගෙන මම හැදුවේ එතනින් දුවන්න.....

Yara - : මොකද මේ මින්ශූ.....

Joon - : මින්ශුවා.... මොකද අනේ....

නම්ජූන් ඔප්පා ජූන්මිත් එක්ක ඇවිත් යාරාගේ අතින් අල්ල ගත්තා.... ජූන්මි අඩන්න පටන්ගත්තා.....

Minshu - : මෙයාලා හැමෝම අපිට කරලා තියෙන්නෙ බොරු..... ජූන්මී කියන්නෙ ජීහෝ ඔන්නිගෙයි නම්ජූන් ඔප්පගෙයි දුව.... මෙයාලා අපිට බොරු කිව්වා යාරා.....

කලබලයෙන් හිටපු යාරා එතනම ගල් ගැහුනා....

හැම දවසකම එයාලා අපිට කලේ බොරු යාරා.... එයාලට අපි එයාලගෙ කවුරුත් නෙමෙයි.... ඔයාට මම විතරයි... මට ඔයා විතරයි.... අපි තමයි වැරදි යාරා.... අපි තමයි මෙයාලව විශ්වාස කලේ....

යාරාගෙ ඇස් දිගේ කදුලු ඔහේ කඩාගෙන හැලුනා..... නම්ජූන් ඔප්පා යාරාගෙ අතින් අතෑරලා තිබුන නිසා මම එයාවත් ඇදගෙන එතනින් යන්න හැදුවා..... ඒත් යාරාගෙ ඇස් තිබුනේ නම්ජූන් ඔප්පා ලග.....

Joon - : මාව විශ්වාස නැද්ද යාරා.....

Joonmi - : ඔම්මා.... නන්නෙපා..... ඔම්මා.....

එක පාරටම ජූන්මි මුල්ම වතාවට ඔම්මා කියලා යාරාට කතා කලා..... ඒකට මම නම්ජූන් ඔප්ප මින්ගි ඔප්පා වගේම යාරා ත් ගල් ගැහුනා..... මොකද මේ එයා ඔම්මා කියපු මුල්ම වතාව නිසා.... ඒ වගේම ජීහෝ ට වත් කිසිම දවසක ජූන්මි ඔම්මා කියලා නොතිබුන නිසා.....

Joonmi - : ඔම්මා.... ජූන්මිව දාලා නන්නෙපා.....

යාරා මගෙ අත ගසලා දාලා නම්ජූන් ඔප්පවත් එක්කම ජූන්මිව තුරුලු කරගත්තා....

Yara - : ආපහු කියන්න මැණික.... ආපහු ඔම්මා කියන්න.....

Joonmi - : ජූන්මිට ඔම්මා ඕනේ......

Yara - : දාලා යන්නෙ නෑ මැණික.... ඔම්මා ජූන්මිව දාලා යන්නෙ නෑ.... කවදාවත් නෑ.....

නම්ජූන් ඔප්පගෙ ඇස් වල කදුලු පිරිලා තිබුනා.... කිසිම කෙනෙකුට වෙන් කරන් බැරි තරමට එයාලා බැදිලා තිබ්බ... ඒත් යාරා ඒක වැ‍රැද්දක්.... අපි ඇත්ත තේරුම් ගන්න ඕන නේද..... අපි ඇත්තට මූණ දෙන්න ඕනේ යාරා....... ඇත්ත දිනපු දවසක ඔයාට ජීවත් වෙන එක පවා අමතක වේවී....

Joon - : ඔයත් යනවද.... අපිව අතරමග දාලා..... මේ ගිය අනිත් හැමෝම වගේ... ඔයත් යනවද යාරා.....

Yara - : වෙලා ඉවර දේවල් ආපස්සට හරවන්න අපිට බැහැ නේද ඔප්පා...... අපි අද දවසෙ ජීවත් වෙමු..... අතීතය කොහොම උනත්.... අනාගතය කොහොම එකක් උනත්.... අපි අද දවසෙ ජීවත් වෙමූ....

Minshu - : ඒත් යාරා දවසක ඇත්තට මූණ දෙන්න වේවී..... ජූන්මිට එයාගෙ ඔම්මා ලගට යන්න වෙනවා... නම්ජූන් ඔප්පට එයාගෙ ෆැමිලි එකට එකතු වෙන්න වෙනවා.... එදාට ඔයා ඒ මැද්දට ආව වැරදිකාරයෙක් විතරක් වේවී..... තේරුම් ගන්න....

Joon - : මින්ශූ ඇති.... ඔය ඇත්ත නෙමෙයි....

Minshu - : ඔප්පා තවත් බොරු කරන්න එපා..... අපි ඔයාලට කරපු වැරැද්ද මොකද්ද ..... ඇයි මේ..... අපිට ඇත්ත දැනගන්න ඕනේ නෑ.... අඩුම දැන් වත් බොරු නොකිය ඉන්න ඔප්පා....

Joon - : මම නෙමෙයි ජූන්මිගෙ අප්පා....

Mingi - : මොකා.....

Joon-: ඔව් ඒක ඇත්ත මින්ගි.... මම නෙමෙයි ජූන්මිගෙ අප්පා. ජීහෝ අපිව දාල ගියාට පස්සෙ මම හිතින් ගොඩක් වැටුනා.

මම කොහොමද මෙච්චර චූටි ලමයෙක්ව තනියම බලාගන්න කියලා හිතුවා. අපේ ටීම් එකේ වැඩත් එක්ක, ඒ දවස් වල අපි හිටපු තත්ත්වය එක්ක මේ දේවල් මෙහෙම උනේ කොහොමද කියන එක මම ගොඩක් කල්පනා කලා.

ඒත් ආපහු දවසක ජීහෝ ඇවිත් මගෙන් ජූන්මිව අරගෙන ගියොත් මම මොකද කරන්නෙ කියලා මම පුදුම තරම් හිතුවා. මේ හැමදේම එක්ක මම අන්තිමට හිතුවේ මම කොහොමද ජූන්මිගෙ අප්පා වෙන්නෙ කියලා. මොකද මට තිබුන වැඩ, මමයි ජීහෝ යි අතර තිබුන ප්‍රශ්න මේ හැමදේම නිසා. ඒ වෙලාවෙ තමයි මම හැමදේම ජින් හියුන්ග් එක්ක කිව්වේ. එයා අන්තිමට කිව්වේ DNA ටෙස්ට් කරලා බලමු කියලා. මම ඒකට කැමති උනේ නැති උනත් හියුන්ග් ඒක කරලා තිබුනා. මම කැමති උනේ නෑ ජූන්මි මගෙ නෙමෙයි කියලා පිලිගන්න ඒත්.......

Yara - : ඇති ජූන්මී අපි හැමෝගෙම, එයා අපේ....

යාරා එහෙමත් කියන ගමන්ම කදුලු පිරුන ඇස් වලින් ජූන්මි වඩාගෙන මුහුද පැත්තට ගියේ අපේ කතාව අතරමැද නතර කරලා.

Minshu - : මම විශ්වාස කරන්නද මේවා.... හැමෝම අපිට බොරු කලාට පස්සෙ තවත් මට කියන්නෙ මේවා විශ්වාස කරන්න කියලද.... මගේම පවුලෙ අය මාව පිට කෙනෙක් කලාට පස්සෙ මට ගොඩක් සතුටු හිතුනා ඔයාලා හම්බුනාම.... මම හිතුවා මම එච්චර අවාසනාවන්ත නැහැ කියලා... ඒත් ඔයාලා මෙහෙම බොරු කරනකොට..... ඔයාලගෙ රහස් අපි නිසා එලිවේවී කියලා බයයි නම් අපිට පුලුවන් ඒ හැමදේකින්ම ඈත් වෙන්න. මොකද මෙච්චර කාලයක් හිටපු මටයි යාරාටයි බැරි නෑ අපේ හීන තනියම හොයාගෙන යන්න.... අනේ ප්ලීස් ඔප්පා.....රවට්ටන්න එපා....

Joon - : මින්ශුවා..... මේ අහන්න

ඔප්පා ඇවිත් මගෙ මූණේ කදුලු පිහදාන ගමන් මාව හග් කලා....

Joon - : මටත් ඉන්නවා ඔයා වගේම නංගි කෙනෙක්.... මම කියන කිසිම දෙයක් අහන්නෙ නැති මුරණ්ඩු පණ්ඩිත නපුරු නංගි කෙනෙක්... එයාගෙයි ඔයාගෙයි කිසිම වෙනසක් නෑ මට.... ඇත්තටම මට සමාවෙන්න මින්ශූ අපිට සමාවෙන්න..... අපි කොහොමද එක පාරන් මිනිස්සු විශ්වාස කරන්නෙ කියන්න. අනික ඔයාලා දෙන්නා හිටියෙ ජීහෝ එක්ක....ඉතින් මම කොහොමද......

අපි කොහොමද මේ දේවල් එක පාරට ඔයාලට කියලා දාන්නෙ. මේ ඇත්ත තාමත් ජිමින්, ටේ, කුකී දන්නෙ නෑ.... එයාලා තාමත් හිතන්නෙ මේ කවුරුත් නැති අනනාත දරුවෙක් කියලා. මට කියන්න මින්ශූ මම අසරණයි නේද.... මම මොනවද කියන්නෙ.... මේ මගෙ දරුවෙක් කියන්නද.... මේ මගේ දරුවෙක් නෙමෙයි කියන්නද මම මොනවද කියන්නෙ.... දවසක මේ ඇත්ත ජූන්මි දැනගත්තොත් මම එයාට කොහොමද උත්තර දෙන්නෙ මම මොනවද එයාට කියන්නෙ..... මම මොනවද කරන්නෙ මින්ශූ...

මම දන්නවා ඔයා ඔයාගෙ යාලුවට ගොඩක් ආදරෙයි කියලා. මට ඕන නෑ ඔයාලට බොරු කරන්න. මම යාරාට ආදරෙයි. ජීහෝ ගෙන් පස්සෙ ආපහු කිසිම දවසක කාටවත් ආදරේ කරන්නෙ නෑ කියලා හිතපු මගෙ හිත වෙනස් කලේ යාරාගේ නිවුන ගතිගුණ... ඒ අහිංසකකම.... ඒ හිනාව.... ඒ හැමදේම....ඉතින් අපිට සමාවෙලා අන්තිම වතාවට අපිව විශ්වාස කරන්න.....

මින්ශුවා අහගෙන නේද ඉන්නෙ....

Minshu - : හ්ම්......

Joon - : ඔයා කාලේ ගන්න. ඉක්මනින්ම ඔයා අපිව විශ්වාස කරයි.
.
.
.
.
.
.

අපි වෙරලෙ ඉදගෙන රෑ 7.00ට විතර රෑ කෑම කෑවා... කාලා 8.30 විතර වෙද්දි එන්න පිටත් උනේ 9.00 වෙද්දි එන්ටර්ටේන්ම්ට් එකේ ඉන්න ඕන නිසා. ජූන්මිට යාරාගෙ තුරුලෙම නින්ද ගිහින්. මමයි මින්ගි ඉස්සරහින් ඉන්නකොට යාරායි නම්ජූන් ඔප්පයි ජූන්මියි පිටිපස්සෙන් හිටියා.

Yara's pov - :

ඔප්පා මගෙ උරහිස උඩින් ඔලුව තියාගෙන එක අතකින් ජූන්මිගෙ ඔලුව අතගෑවා...

Yara - : මහන්සිද....

Joon - : .........

➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️

Hi 🌚

ඉක්මනින් ඉවර කරනවා මේක....

ගොඩක් දවස් අප්ඩේට් දුන්නෙ නෑනේ ඉතිම්...

පුලුවන් උනොත් අද ඩබල් අප්ඩේට් ධෙණ්ණම් 😁🌚

පරිස්සමින් ඉන්න.....

📍Wish

Comment