Angry Writer 01

01 කොටස

"හලෝ..රහල්...."

"කියහන් ඟගනයා"

"කොහෙද ඉන්නේ??"

"හොස්ටල් එකේ"

"ගමනක් යන් බං"

"කොහෙද??"

"උඹලැ අයියා හම්බෙන්න"

"ඒ මොකටද??"

"අපිට වැඩක් තියෙනවා බං කරන්න"

"මම දැන් අපේ ඩීන් හම්බෙන්න යන්න හදන්නේ.. උඹ මුලින් පලයන්. මං එන්නන්. ප්ලේස් එක දන්නවා නේද? "

"ඔව් මං එනවා කියහන්"

"කියන්න දෙයක් නැ ඌ ඇති. හිටිලරයා මේ දවස් වල පොතක් ලියනවානේ. අපේ අයියා වල්ගේ වගේ ඇති🤣🤣"

"මට නම්බර් එක දාහන්.. අයියාගේ"

"හරි...එළ.."

-----------------------------------------

"හලෝ තේමිය අයියේ.."

"ඔව්. කවුද මේ.."

"අයියේ මම ඟගන.. රහල්ගේ."

"ආ පොඩි මට කිව්වා තමා. මල්ලි එන්න ලොකේෂන් එක දන්නවා නේද? 405 නම්බර් එක.."

"හරි අයියේ තැන්කිව්..."

සරල සුගම ඇඳුමක් දාගත්තා ම ඇති. අයියානේ.කළු ටි එකට කොට කලිසමක් දාන් හෙල්මට් එක ගත්තේ බයික් එකේම යන්න හිතන්. රහල් දුන්න ලොකේශන් එකට යන්න මට හිතුව තරන් වෙලා ගියේ නැ. පාර්කින් එකේ බයික් එක නවත්තලා ලිෆ්ට් එකට ගියේ හත් වෙනි තට්ටුවටම පඩිපෙලෙන් යන්න තරන් කිචියක් මේ වෙලාවේ තිබ්බේ නැති නිසා. ලිෆ්ට් එකට ගිහින් දොර වැහෙද්දිමයි ඇතින් එකෙක් එනවා පෙවුනේ. දොර වැහෙන එක නවත්තන්න ඕන උනත් ඌව දැක්කා ම මට නවත්තන්න හිතුනේ නැ. ආතල් එකක් ගන්න හිතන් දොර වැහෙන්න දුන්නා අරින්න බලන්න.

"යා...යා....නවත්තපන්...ආ.....ශික්.... පරයා...."

ඇතුලේ හිටිය මට ඇහුනේ ඒ ටික. අඩෝ මු... කියලා හිතුන නිසාම දොර ඇරෙන්න දුන්නා. එක අතක කොල මිටියක් අනිත් අතේ අයිස් කෝෆි එකක් අවුල් වෙච්ච කොණඩයක් නිදිමත පාට ඇස් දෙකක්.. හැබැයි පොර දැක්ක ගමන් පොඩි අමුත්තකුත් නොදැනුනාම නෙවේ.

"ආහ්... සොරි... මට තව පොඩිඩෙන් නවත්තගන්න බැරිවෙනවා"

පොර වචනයක් කිව්වේ නැ සද්ද නැතුව රවාගෙන ඉස්සරහා බලාගත්තා. නෙදකින් අපරාදේ මුට දොර ඇරියේ. එතකොටමයි මට කෝල් එකක් ආවේ. රහල්...

"ඔව් මචං.."

"කොහෙද උඹ"

"ලිෆ්ට් එකේ. කියහන්"

"මාත් එනවා දැන්. අයියා ටිකක⁣ට එලියට ගිහින්. හිට්ලර් ගෙන් කි කාඩ් එක ඉල්ල ගන්න කිව්වා"

"පොර අවුල් පොරක්ද බං..."

"ටිකක් බං.. ලියන කාලෙට පොර ටිකක් ප්‍රෙශර් නැත්තන් හොදයි.."

"මොකක්ද බං උගේ නම??"

"අහස්!"

"අහස්?? පොරගේ රූම් නම්බර් එක මොකක්ද??"

"406"

"හරි මම යන්නන්. උඹත් වරෙන්. තිබ්බා එහෙනන්"

මං කතාව ඉවර වෙද්දි පොර මගේ දිහා බෙල්ල කරකවලා බලන් ඉන්නවා. මුට මොන යකෙක් වැහිලාද යකෝ. එතකොටමයි ලිෆ්ට් එක ⁣නැවතුනා. පොරත් මං යන තැනින්ම එලියට ගියේ. යන මඟටත් පොර මගේ දිහා හැරි හැරි බලනවා තනියෙන් කුටු කුටු ගගායනවා. පිස්සෙක්ද මු.. මං ඌව අමතක කරලා 406 හොයන්න ගත්තා. ඒ අතරේ මට ආයේ කෝල් එකක් ආ නිසා මම හිටි තැනම නැවතුනා. කතාව ඉවර කරලා මම රූම් එක හොයන් ගියා.. රූම් එක ගාවට ගිහි ඩෝර් බෙල් එක ගහලා විනාඩියක් විතර යනකන් හිට්ලරයා දොර ඇරියේ නැ. මම ආයෙත් එක දිගට බෙල් එක හතර පාරක් විතර ගැහුවා.

"කවුද බං මගුල.."

"ආහ්..."

අඩෝ... ලිෆ්ට් එකේ ඩයල් එක. මගේ කට බෝක්කු ව වගේ ඇරුනා. මම පොර දිහා බලන් ඉද්දි පොරත් මම දිහා බලන් හිටියා.

"ඇයි??"

"තේමිය අයියා.."

"තේමිය එහා පැත්තේ"

කිව්වා පොර දොර වැහුවා. මු නන් සිරා මුලග්ගාකාරයෙක්ද කොහෙද. ආයෙම මම ඩෝර් බෙල් එක හතර පාරක් විතර ගැහුවා. පොර ආයේ දොර ඇරියේ මාව කන්න වගේ මුණක් හදන්.

"මොකද මනුස්සයෝ..."

"මොකද??"

"මොකද අහන්නේ මොකද මනුස්සයෝ ඩෝර් බෙල් එක ගහලා"

"කියනකන් හිටියාද දොර වහගත්තා"

"කියනවා මට වැඩ තියෙනවා..."

මට ඕන වැඩේ නෙවේ පොර ආතල් එකට ගන්න හිතුනා මට. මම ඒ නිසාම ආ වැඩේ පැත්තට දැම්මා රහල් එනකන්.

"ආහ්.. මිස්ටර් අහස් නේද මේ.. අනේ.. sorry for bothering you. මිස්ටර් තේමිය හම්බෙන්න ආවේ. එයා ටිකක් එලියට ගිහින් මම කෝල් කරාම මෙහෙ ඉන්න කිව්වා එයා එනකන්."

"තේමිය....මොන පිස්සෙක්ද මු..ආ..ශික්.."

"ම්.. කමක් නැ මම එළියෙන් ඉන්නන් ම්ස්ටර්. අහස් ඔයාට කරදරනන්.."

"හරි.."

යකෝ මු.. හා කියලා දොර දඩං ගාලා වැහුවා. අම්මාගේ පොරක්නේ මු.. ආව වැඩේ කරගන්නත් බැරිවෙන ලයින් එකක් තියෙන්නේ. ශික් මගෙත් කට හොද නැනේ. පොරට මම ලිෆ්ට් එකේ කියපුවා ඇහුනාවත්ද?? මගේ කල්පනා ලොව මල් වනේ බිඳිලා ගියේ දොර ආයෙම ඇරුන නිසා. වහිද මංදා.

"ඇතුලට එනවා"

ලත් අවසරයෙන් මම ඇතුලට ගියා. පොරගේ සෙක්ශන් එක කොටසක් පිලිවෙලයි කොටසක් පිස්සු නටලා. පොර ලියනවා කියලා හිතෙන තැන පොඩි මේසයක් ඒකේ ලැප් එක වටේම ගොඩ ගහපු පොත් කෝපි කෝප්ප, සිගරට් කොට, ටිකක් පොර වගේම එතන අවුල්. මම ඒ දිහා බලන් ඉන්නවා පොර දැක්කා. පොර මුකුත් කිව්වේ නැ. ආයේ ගිහින් ලැප් එක ගාවින් වාඩි උනා.

"වාඩිවෙලා ඉන්න. බොන්න මොනා හරි ඕනනන් ෆ්‍රිජ් එකේ ඇති."

"ආගන්තුක සත්කාර ඉවවහ යනවා.."

මම හෙමින් කුටු කුටු ගැවේ. ඒත් පොරට ඇහුනා ඒක. පොර මට රවලා ආයේ ලැප් එකේ කොටන්න ගත්තා. මම එතන තිබ්බ සෙටි එකකින් වාඩිවෙලා පොර දිහා බලන් හිටියේ. සිරාවට පොර ලස්සනයි. ටිකක් නට්ලුස් ගතියක් තිබ්බා. 🤣🤣🤣 ඒක වෙනම කතාවක්. එතකොටමයි මට කෝල් එකක් ආවේ. රහල්!!

"රහලයා.. "

"කොහෙද බං ඉන්නේ "

"මිස්ටර් අහස්ගේ රූම් එකේ"

"මොකා...."

"ඇයි..බං...."

"බල්ලෝ තොට කි කාඩ් එක ගන්න විතරයි මම කිව්වේ"

"හරි හරි බං මිස්ටර් තේමිය එක්කද එන්නේ. තව පැයක් යනවාද? හරි බං මිස්ටර් තේමියට කියහන් මම මෙතන කියලා"

මට ඕන ටික කියලා මම කට කරා. මං කෝල් එක කට් කරද්දි අහස් මං දිහා බලන් ඉන්නවා. මම හෙමිට හිනා උනාම පොර ආයේ ලැප් එකට ඔළුව ඔබා ගත්තා. මට පොර එක්ක කතා කරන්න ඕන උනත් මොනාද කතා කරන්නේ කියලා හිතාගන්න බැරි උනා.එතකාටමයි මට පොටක් පෑදුණේ. පොර බි බි හිටි කෝෆි එක ඉවර උනා. මම ගෙම්බා වගේ පැනලා දෙන්න හැදුවේ.

"අ...මිස්ටර් අහස්  මම කොෆි එකක් හදාගන්න ද??"

"හැ.."

පොර හිටි කල්පනාවට මම කිව්ව එක ඇහුනේ නැ.

"මම කොෆි එකක් හදාගන්න ඔයාගේ කිචන් එක යුස් කරන්නද?"

"ආ.. හා...හා..මේ... ආ  නැ හරි.."

පොර තව මොකක් හරි කියන්න ගිහින් ආයෙම කතාව නැවැත්තුවා.මම කිචන් එකට ගිහින් හිටර් ජග් එකට වතුර එකක් ගැහුවේ පොරටත් එක්කම කෝෆි එකක් හදන්න. මම කෝෆි දෙකක් හදන් පොරගේ කියලා හිතෙන මග් එකකට දාලා පොර ලඟට ගියා. පොර හිටියේ බරටම ලැප් එකේ. පොර මම එනවා දැක්කේ නැ. මම ටිකක් පහත් වෙලා කතා කරා.

"අහස්"

පොර ගැස්සිලා ඔළුව ඉස්සු පාරට මාත් පස්සට ගියා. මං පස්සට ගියා පාරට ගැස්සිලා මගේ කෝප්පෙන් කොෆි ටිකක් මගේ ටි එකට හැලුනා. අඩෝ පිච්චෙනවා... පොරත් අවුල් ගියා.

"අාහ්..."

"පිච්චුනාද??"

"නැ..නැ ශේප්..ආ මේක ගන්න ඔයාට හැදුවේ. "

පොර මගේ දිහා බැලුවේ පොඩි එකෙක් දිහා බලන විදිහට. බලන් ඉද්දි පොරගෙ ඇස් දිලිසුණා. පොර ලස්සනට හිනා උනා.. මගේ කට හොදම නැ ඉතිං.

"හිනාවෙන්නත් දන්නවා නේ"

"වොශ්රුම් එක අතන ගිහින් ඕක හෝදගන්නවා"

මට වොශ්රූම් එක පෙන්නලා පොර ආයෙම ලැප් එකේ වාඩි උනා. මට තනියෙන් හිනා. මම කෝප්පේ ආයේ කිචන් එකෙන් තියලා වොශ්රූම් එකට රිංගුවේ ටි එක හෝදගන්න. ටි එක ගලවලා කොෆි වැටිච්ච හරිය හෝදලා ඇඟේ ගැවිච්ච ටිකත් පිහිදාලා වටපිට බලද්දි තමා ටවල් එකක් නැති බව දැක්කේ. එහෙම්මම ටි එක කරේ දාන් මම වොශ් රුම් එකෙන් එලියට ගියෙි අහස් ගෙන් ටවල් එකක් ඉල්ලගන්න.

"අහස්..!!"

"ම්ම්"

පොර පොතක් කියව කියව හිටියේ එහෙම්මම හැරුනා හැරුනාමයි. බලන් ඉද්දි පොරගේ ඇස් දෙක ලොකු උනේ.

Comment