5 වෙනි පරිච්ඡේදය 🌞 🌙

සූර්යන් ගං ඉවුරෙන් ඉවත්වී නැවත කුටිය වෙත යද්දි ඔහු ඔහුගේ සාමාන්‍ය වේශයට පැමිණ තිබුනා.. ඔහු කුටියට යන්න හදනවත් සමග ඔහුගේ නෙත ගැටුනේ භද්‍රා...

" සූර්යන් කුමරුනි.. හමුවීම සතුටක්... මම භද්‍රා .. "

" භද්‍රා..ඔබවත් හමුවීම සතුටක්.. "

" මෙහිදී වංශ භේදය නොමැති නිසා මාහට ඔබ සමඟ නිදහසේ කතා කල හැකී නේද "

" ඔව් අනිවාරෙන්.. ඔබට හැකී... "

" කදිමයි.. සූර්යන් ඔබේ ඇස් ඒවා කෝපගත් විට ගිනිදැල් මෙන් බව ආරංචී.. එය සැබෑවක්ද "

" හහ් හහ් එසේයි.. ඔබට ඒ බව පැවසුවෙ චන්ද්‍රන් ද "

" චන්ද්‍රන් මගේ සොහොයුරත්
ඒ බව දැක්කද "

" ඔව් ඔහු එය දැක තිබේ.. ඒ බව පැවසුවේ නැතිද "

" ඔහු කිසිවෙකු සමඟ වචන 10කට වඩා කතා කරන්නේ නැහැ.. ඔහු මා සමඟද කතා කරන්නේ නෑ.. "

" නමුත් ඔහු මා සමඟ- "

" භද්‍රා මෙහි පැමිණෙන්න "

භද්‍රා සමඟ කතාවක සිටි සූර්යන්ගේ අවදානය යොමු වුනේ චන්ද්‍රන් දෙසට.. චන්ද්‍රන් පෙර මෙන් නොව දැඩි සීතල කටහඩකින් භද්‍රාව ඔහු වෙතට කැදවගන්නට විය..

" සීනුව නාද කරාවි.. ගිහින් සූදානම් වන්න "

චන්ද්‍රන් භද්‍රාට නියෝග කල විට භද්‍රාද වාද නොකර කුටියට පිටත් විය..

" චන්ද්‍රන් ඔබේ නැගණිය, ඇය ඉතාම ප්‍රියකරුයි "

" මගේ නැගණියගෙන් ඈත් වී සිටින්න "

ඇස් දෙක තද නිල් පැහැ ගැන්වී ඔහු පැවසූයේ කේන්තියෙන් බව තේරුම් ගැනීමට සූර්යන් ගියේ මොහොතකි.. මන්ද යත් එය කලින් සෑම විටකම වඩා වෙනස් ලෙස ඔහුට දැනුනා..

" චන්ද්‍රන් ඔබට කුමක් සිදු වෙලාද.. "

" මා පැවසුවේ මගේ නැගනියගෙන් ඈත් වී සිටින ලෙස පමණයි.. ඇයි ඔබට ඇය ගැනත් හැගීම් ඇති වෙලාද "

" කුමක් ද ඔබ පැවසුවේ !? "

එවර කෝපයෙන් ගිනිලන දෑස් සමඟ සූර්යන් චන්ද්‍රන්ගේ උරහිස මිරිකන්නට විය..ඒත් සමඟම අධ්‍යන කුටියේ සීනුව නාද වී දෙදෙනාම දෙදෙනාගෙන් ඈත් වන්නට විය..

" මා සිතුවා ඔබ අන් අයට වඩා වෙනස් ඇති කියා චන්ද්‍රන්.. නමුත් ඔබත් අන් අය අතරත් කිසි වෙනසක් නෑ.. "

සූර්යන් භද්‍රගේ කුටියට ගොස් ඔහු කැටිව අධ්‍යන කාමරයට යන හැටි චන්ද්‍රන් බලා සිටියේ කනස්සල්ලෙන්.. භද්‍රා ද කුටියෙන් පැමිණ චන්ද්‍රන් සමග අධ්‍යන කුටියට යන්නට විය.. සූර්යන් එක බැල්මක් වත් චන්ද්‍රන් වෙත යොමු නොකල අතර චන්ද්‍රන් මේ වන විට ඔහු පැවසූ වචන ගැන පසුතැවෙන්නට පටන් රන් තිබුනි...

" පලමු අධ්‍යන පරිච්ඡේදයට සාදරයෙන් පිලිගන්නවා..

ඔබ සිව් දෙනාටම වංශ දෙකෙහි ඉතිහාසය , දේව මණ්ඩලයේ අනාවැකි හා ශාපයන් , වගේම ඔබ සිව් දෙනාගේ ඉරණම සඳහා ඔබ සිව් දෙනාගේ ශක්ති පාලනය ඔබට උගන් වන්නට අපේක්ෂා කරනවා..

නමුත් මේ කරුණු ඔබට ඉගෙනීමට හැකිවන්නේ ඔබ ඊට පෙර සමත් විය යුතු මිත්‍රතා පරීක්ෂණ සමත් වුවොත් පමණයි "

" ස්වාමීනී කුමක්ද මිත්‍රතා පරීක්ෂණ කියන්නේ "

" ඔබට මතකද මා පැවසුවා මෙහිදී ඔබ අතරේ වංශ භේදය තහනම් බව.. වංශ භේදය නොමැතිව ඔබ සිව් දෙනා එකිනෙකාට සහයෝගයෙන් විශ්වාසය ගොඩ නඟාගෙන පරීක්ෂණ කිසිහිපයකට මුහුණ දිය යුතුයි.. "

" පරීක්ෂණ අසමත් වුවහොත්? "

" ඔබට වංශ නායකයා වනතුරු වංශ ඉතිහාසය වගේම අනිත් කරුණු දැනගත නොහැකි වේවී.. ඒ වගේම ඔබලාගේ ශක්තීන් පාලනය කිරීම සහ දියුණු කිරීමට නොහැකි වේවී.. "

සූර්යන් කල්පනාවට වැටෙන්නට ගත්තා.. ඔහුට අවශ්‍යයි වංශ දෙක මෙතරම් වෛර වන්නට හේතුව දැනගන්නට.. ඒ වගේම වංශයේ ගිනිකුරුළු අධිපති ඔහු වූයේ ඇයි දැයි දැනගැනීමටද ඔහුට අවශ්‍යයි.. ඒ වගේම ඔහුගේ දෑස් හෑ සූර්ය වේශය පාලනය කරන්නට ඉගෙන ගන්නටද ඔහුට අවශ්‍යයි..

" එහෙනම් ඔබ සිව් දෙනා එකගද.. එකඟ අයට තම නමින් කැමැත්ත පල කල හැකියි. "

" භද්‍රා වන මා මිත්‍රත්ව පරීක්ෂණයට සහභාගී වන්නට එකග වෙමි.. "

" භද්‍ර වන මා ද ඒ සදහා එකවෙමි "

සූර්යන් හා චන්ද්‍රන් තවම කල්පනාවල ගිලා බැහැලා..

" චන්ද්‍රන් වන මා මිත්‍රත්ව පරීක්ෂණයට සහභාගි වීමට එකගයි "

" මා ද එකගයි "

" එසේනම් ඔබට පරීක්ශන කිහිපයක් හිමිවෙනවා.. පලමු පරීක්ෂණය සඳහා ඔබ සිව් දෙනාම කැලෑවට පිටත් විය යුතුයි.. එහි මායා පොත් දෙකක් සඟවා තිබෙනවා.. එක් පොතක් සූර්ය වංශ ඉතිහාස පොත වන අතර අනෙක් පොත චන්ද්‍ර වංශ ඉතිහාස පොතයි.. ඔබ එය දවස් දෙකක් ඇතුලත සොයාගත යුතුයි.. "

" නමුත් කැලෑව බොහෝ විශාලයි.. අපහට අවම තිබෙන සීමාව වත් පැවසිය නොහැකිද "

" නොහැකි.. ජල මාර්ග , ගුහා , උමං  මේ කොයිම හෝ තැනක තිබිය හැකි.. විශේෂම දේ ගමන තුර ඔබලා අතර ගැටුම් හෝ වාද සිදුවුවහොත් ඊට දඩුවම් ලැබෙනවා.."

නීති රීති විස්තර සෑමදේටම පසුව ඔවුන් හතර දෙනාම කැලෑව වෙත පැමිණියා.. මේ වන විටත් භද්‍රා සියල්ල සමඟ සුහදව කටයුතු කරා..භද්‍ර ද භද්‍රා සමඟ සුහදව සියත් චන්ද්‍රන් සමඟ කතා කරන්නට ඉස්සර නොවූයේ චන්ද්‍රන්ගේ දැඩි ගති පැවතුම් නිසාවෙනි..

" භද්‍ර.. සූර්යන් හා චන්ද්‍රන් අතර මිතුරුකම ගොඩ නැගන්න අප දෙදෙනා කුමක් හෝ සිදු කරමුද "

" භද්‍රා එය තරමක් භයානක නැත්ද? ඔවුන් දෙදෙනා උරුමකරුවන් නිසා යමක් සිදු වුවහොත් අපටත් ඊට උත්තර බදින්නට සිදු වේවී.. "

" කලබල වන්නේ කුමකටද..අප ඉන්නේ දේව මණ්ඩලයෙ... "

" හොදයි..මන් එකඟයි.. නමුත් කුමක්ද අප කරන්නේ.. "

" ඔහොම ඉන්න...

මේ අහන්න හතර දෙනාම එකම මඟ ගියහොත් අපට පුස්තක දෙක සොයාගැනීමට නොහැකි දින දෙකක් ඇතුලත.. අප බෙදී යන් "

" කදිම අදහස..මාත් එකඟයි.. "

භද්‍රා සහ භද්‍ර ඔවුන්ගේ අදහස ඔවුන්ම සනාථ කරමින් වෙනාම මාර්ගයක යන්නට වුනා.. සූර්යන් හා චන්ද්‍රන් සිදු වූයේ කුමක්දැයි තේරුම් ගන්නටවත් වෙලාවක් ඉතිරි නොකර ඔවුන් පිටවූ දෙස බලා නැවත නිහඩව කැලෑව පුරා සෙවීම් අරභන්නට වුනා..

කෙමෙන් කෙමෙන් හිරු බැස හද එලිය වැටෙන්නට ගනිද්දි කැලෑව පුරා අදුරු වෙන්න පටන් ගත්තා..

" අප භද්‍රා වෙත යා යුතු නොවේද "

සූරයන් හෝරා කිහිපයකට පසු නිහඬ බව බිදුවා.. නැවතත් චන්ද්‍රන්ගේ දෑස් කෝපයෙන් දිදුලද්දී සූර්යන්ට දැනුනේ කනස්සල්ලක්..

" මා ඔබට පැවසුවා මගේ නැගණියගෙන් ඈත්වී සිටින ලෙස "

" ඔබට කුමක්ද සිදුවී තිබෙන්නෙ?? ඇය තරුණියක්..අනික දැන් අදුරු වැටිලා බව නොවැටහේද "

" ඔබ කුමකටද ඇය ගැන සැලකිලිමත් වන්නේ මෙතරම්?? පවසන්නට එපා ඔබ ඇයට ආල හැඟුම් පාන බව "

" කුමක්ද ඔබ පැවසුවෙ!?? ඔබ සිතන්නේ මා ස්ත්‍රී ලෝලියෙක් බවද ආහ් ?? "

චන්ද්‍රන්ගේ සලුවෙන් අල්ලා ගිනිදැල් ඇස් සමඟින් බැලූ සූර්යන් දිහා චන්ද්‍රන් ද බැලුවේ ඊට නොදැවෙනි මාරන්තික බැල්මකිනි..

" ඇයි ඔබ එසේ නොවේද... ඔබේ මෑණියන්වත් පැවසුවේ නැතිද ස්ත්‍රී ලෝලියෙක් නොවන ලෙස "

" තමුන්ට මම.... "

සූර්යන් චන්ද්‍රන්ගේ මුවට අතමිට මොලවා පහර දුන්නේ චන්ද්‍රන්ගේ වචන ඔහුගේ ඉවසීමේ සීමාව පන්නද්දි.. කෝපය ඉහවහා ගිය සූර්යන් තමාගේ සූර්ය වේශයට හද එලියෙදිම පත් වුනේ ජීවිතේ පලමු වරට.. සූර්යන්ගේ වෙනස් වීමට චන්ද්‍රන් ගැස්සුනා..ඔව් එය ඔහු බලාපොරොත්තු නොවුවක්.. මන්ද සූර්යන් හද එලියෙදි සූර්ය වේශයට පත් වන්නටනම් ඔහු කෝපය ඉහවහා යා යුතු බව ඔහු ද දන්නා කරුණකි..

එසෙනින්ම චන්ද්‍රන්ද ඔහුගේ චන්ද්‍ර ශක්තියෙන් ජල වලල්ල සක්‍රිය කරේ සූර්යන්ගේ ප්‍රහාර වලට සූදානම් වෙමින්..

සූර්යන් ඉදිරියට පියවරක් තබා චන්ද්‍රන්ට ප්‍රහාර එල්ල කරන්න හදන විටම චන්ද්‍රන් ඉක්මන් වී සූර්යන්ට ජල ප්‍රහාර එල්ල කරන්නට වුනා..

ගින්නක් නිවා දමන්නට ජලය ඉසිනවා සේම සූර්යන්ගේ සූර්ය වේශය ජලයෙන් නිවා දැමූ චන්දන් බිම වැටුන සූර්යන් දිහා බලද්දි ඔහුගේ ඇස් නැවත් ගැස්සුනේ සූර්යන්ට සිදු වී ඇති දෙය නිසාවෙන්..

" සූර්යන්.. සූර්යන්.. ඔබ හොඳින්ද.. සූර්යන්.. "

සූර්යන් ඒ වන විට අඟුරු මෙන් කාල වර්ණයට හැරෙමින් තිබු අතර පියවි සියද කෙමෙන් කෙමෙන් ඈතට යන බව චන්ද්‍රන්ට පෙනෙන්නට තිබුනා..

" සූර්යන්..අවදි වන්න.. මා හට සමාවෙන්න සූර්යන් අනේ.. "

චන්ද්‍රන් හැඩූ කදුලින් විලාප දෙද්දී ඒ වෙත භද හා භද්‍රා ද දුවගෙන පැමිණෙන්නට වුනා..

" චන්ද්‍රන් ඔබ කුමක්ද කරේ..ඔබ සූර්යන්ට කුමක්ද කරේ කියනවා.."

තද රතු ඇස් වලින් භද්‍ර චන්ද්‍රන් වෙත හැරෙද්දී චන්ද්‍රන් හැඩූ කදුලින් භද්‍රගේ අත් දෙකම අල්ලා ගත්තා..

" භද්‍ර අනේ ඔහුට කුමක් හෝ කරන්නකෝ.. ඔහු මෙසේ වන්නේ කොහොමද "

" ඔබ ඔහුගේ සූර්ය වේශය ජලයෙන් නිවා දමන්න තරම් කෲර වන්නේ කෙසේද චන්ද්‍රන්.. ඔබ නොදන්නෙහිද සූර්ය වංශිකයෙකුගේ සූර්ය වේශය නිවා දැමීම මාරාන්තික බව "

" මා එය දැන සිටියේ නෑ.. කුමක් හෝ කරන්නකෝ.. ඔබ යමක් දැනගත යුතුයිනේ.. "

" ඔහුට හෙට උදෑසන වන තෙක් ගිනි ශක්තිය ලබ දිය යුතුයි... නමුත් මෙහි ගිනි දැල්විය නොහැකී එවිට ස්වාමීන් එය දැනගන්නවා.. "

" ඔහුව ගුහාවට රැගෙන යමු භද්‍ර... අප දෙදෙනා සොයාගත් ගුහාවට ගොස් ඔහුට ඔබ ගිනි ශක්තිය සපයන්න.. "

භද්‍රාගේ අදහසට එකඟ වූ භද්‍ර ඔහුව උස්සාගෙන දිව්වේ වේගයෙන්.. ගුහාව තුල බිම ඔහුව තබා ගිනි කවයක් සෑදූ භද්‍ර ඔහුගේ නලලට ඔහුගේ ගිනි ශක්තිය සපයන්නට පටන් ගත්තා..

" ඔබ දෙදෙනා ගොස් පුස්තක දෙක සොයාගන්න.. හද එලිය නිසා ඔබ දෙදෙනාට එය පහසු වේවී.. මා මොහුව බලාගන්නම් "

" නමුත් මට අවශ්‍යයි ඔහු සම- "

" ඔබට අවශ්‍ය මෙය වංශ ගැටුමක් දක්වා රැගෙන යන්නද චන්ද්‍රන්.. ඔබට අවශ්‍ය නම් යමක් කරන්න පරීක්ෂණය සමත් වන්නට පුස්තක දෙක සොයාගන්න.. "

භද්‍රා චන්ද්‍රන් වත් රැගෙන නැවත කැලයට යද්දී භද්‍ර සූර්යන් සමඟ ගුහාවේ තනි වුනා..

.
.
.
.
.
.
.
.

හායියූ ~

මේ කතාව මම නොදි ඉන්න තීරනේ කරත් ආපහු හිත හදාගත්තා එක්කෙනෙක් හරි කියවන නිසා ඒ කෙනා වෙනුවෙන් දෙන්න..

වෝට්ස් කමෙන්ට්ස් ඕනි නෑ මම දානවා කතාව 😠👎

බායි

සූආහ් 🌸

Comment