2 වෙනි පරිච්ඡේදය 🌞🌙

" සූර්ය වංශිකයෙක් හෝ චන්ද්‍ර වංශිකයෙක් හෝ වේවා ඔවුන්ගේ ඇස් දිදුලන්නේ හේතු දෙකක් නිසා..එකක් ඔබ දන්නා පරිදි කෝපය..අනෙක් හේතුව ආලය හෝ රාගය "

" ස්වාමීනී එසේ නොහැකි..වෙනත් කිසිම හේතුවක් නැතිද "

" ඔව් ස්වාමීනී සූර්යන් නිවැරදි..ඒ හේතූන් දෙකට අමතරව වෙනත් හේතුවක් නිසැකවම තිබිය යුතුයි "

" ඔබ දෙදෙනා නිවැරදි..තව එකම එක හේතුවක් තිබෙනවා.. "

" එය කුමක්ද ස්වාමීනී "

" එය වංශ අධිපති බවේ සලකුණයි.. නිල් මකර අධිපති බව සහ ගිනි කුරුළු අධිපති බව අගවන ඒ පූජනීය සත්වයන් දෙදෙනාට හිමි ඇස් ඔබ සතුයි "

" ස්වාමීනී කමා කරන්න..නමුත් ඔබට හැකිද අපට පැහැදිලි කරන්න "

" මේ ඊට සුදුසු කාලය නොවේ සූර්යන්.. ඔබ දෙදෙනා හට මට මේ මොහොතේ පැවසිය හැක්කේ එක දෙයයි..එනම් ඔබ දෙදෙනාගේ දෛවය මේ වන විටත් ඔබ දෙදෙනාට අභියෝග කිරීමට පටන් අරන් තියෙන්නේ..ඔබ දෙදෙනා දෛවයට අභියෝග කරන්නට තෝරාගන්නේ නම් මතක තියාගන්න පලවෙනි පියවර විය යුත්තේ විශ්වාසයයි.. දැන් ඔබ දෙදෙනා පිරිසිදු කිරීම අවසන් කර නැවත වංශයන් වෙත යන්න.. "

" හොදමයි ස්වාමීනී..දිය කඩිත්ත අසල පිරිසිදු කර අප පිටව යන්නම් "

වංශ දෙකේ උරුමකරුවන් නැවත පිරිසිදු කිරීම් වලට එක් වුනේ දෙවියන් ආපසු දේව මණ්ඩලයට වැඩිය පසු.. ඔවුන් දෙදෙනා තනි වූ වටපිටාවෙන් දැනුනේ නොසන්සුන් කමක්..වරින් වර දිදුලන ඇස් සමග ඔවුන් මූනට මූන නොබලා ඉන්නට තීරණය කරත් දෙවියන් පැවසූ විස්තර්ත් සමග තව දුරටත් නිහඩව සිටිය නොහැකි බව දන්නා චන්ද්‍රන් කතාබහ ඇරඹුවා..

" සූර්යන්..මගේ ඇස් ඒවා කොයි වගේද "

" ආහ්...!? "

" කවුරුන්වත් මගේ දිදුලන ඇස් දැක නැති නිසයි විමසුවේ "

" අහ් ඒවා සැබෑවටම ලස්සනයි..නිල් මාණික්‍යක් වගේ..නමුත් ඔබේ ඇස් ගොඩක් ගැඹුරුයි..ලගින් ටික වෙලාවක් බලා සිටින විට එයින් තාරකා මණ්ඩලයක් දැග ගත හැකි.. "

" තාරකා මණ්ඩලයක්..!?"

" ඔව්..රාත්‍රී අහසේ තාරකා බබලන්නේ කෙසේද ඒ හා සමානව තාරකා ඔබේ ඇස් තුල බබලනවා..මේ දැනුත් එහෙමයි.. "

චන්ද්‍රන්ට දැනුනේ ලැජ්ජාවක්..ඔහු කෙමෙන් රතු වී ගෙන ආවේ දැනුන අමුතුම හැගීම නිසා..

" මගේ ඇස් කොයි වගේද චන්ද්‍රන් "

" ඒවා පුදුමාකාර තරම් ලස්සනයි..ඒවගේම බලගතුයි..රක්ත මාණික්‍යක් ටිකෙන් ටික ගිනිදැල් හා සමාන වනවා..එයා බලා සිටින්නට ආසා හිතෙන දසුනක් "

" නමුත් බොහෝ අය මගේ ඇස් වලට බිය වෙනවා.. ඒවගේම රාත්‍රියේදී මා කෝප ගත්තහොත් ඒවා එලිය දෙනවා..මා මගේ ඇස් වලට අකමැති "

" නමුත් මා කැමති..ගිනි කුරුල්ලගේ ඇස් ඔබට ලැබී තිබියෙදී ඔබ කෙසේද ඊට අකමැති වනවා යැයි පැවසීමවත් එඩිතර වන්නේ "

" ඔබ ගිනි කුරුල්ලෙකු දැක තිබේද චන්ද්‍රන් "

" නෑ..සිතුවමකින් පමණයි... ඔබ දැක තිබේද සබෑවට "

" අහ් ! "

" මා ඇසුවේ ඔබ දැක තිබේද මීට පෙර "

" අහ් නෑ "

" ඔබ දැන් පැවසුවේ මුසාවක් නේද ඔබේ ඇස් වල ගිනිදැල් නිවුනා.. "

" සමාවෙන්න..මට ඔබට හැමදේම පවසන්න නොහැකි "

" කමක් නෑ.. අප කෙසේ සාමාන්‍ය අය මෙන් කතාබහ කරන්නද මේ වංශ නිසා "

චන්ද්‍රන් නැවතත් ඔවුන් අතර පවතින යථාර්තය මතක් කරා..වංශ දෙකේ කිසිවෙකුටත් වංශ අවසරයකින් තොරව සීමාව තරණය කිරීම තහනම් වුනා..ඒ නිසා වංශ දෙකෙහි අය එකිනෙකා දැක්කේ දේව මණ්ඩලය විසින් පවත්වන පූජා, උත්සවයන් හා ඉගැනිවීම් කදවරු වලදි විතරයි..

දිය කඩිත්ත අසල පිරිසිදු කල උරුමයන් දෙදෙනා ආපසු වංශයට යෑමය කාලය එලැඹුනා..

" එසේනම් නැවත මුණගැසෙමු චන්ද්‍රන් "

" සුභ ගමන් සූර්යන් "

" ඔබේ තාරකා මණ්ඩල දෑස් කාටවත් පෙන්වන්නට එපා.. ඒවාට අන් අය ඉරිසියා කරයි "

" ඔබේ ගිනිදැල් දෑස් ගැන මීට වඩා ඔබ ආඩම්බර විය යුතුයි.. ඒවා ගොඩක් ලස්සනයි "

ඔවුන් දෙදෙනා සිනා මුසු මුහුණින් එකිනෙකාට ආචාර කොට පිටව ගියා..නමුත් යන එන අතරත් ඔවුන්ගේ ඇස් දිලිසෙන්නට වුනා..කෝපයට ද , වංශ අධිපති බව නිසාද නැතිනම් අනෙක් හේතුව ද නිසාද යන්න ඔවුන් දෙදෙනා පමණක්ම දැනගෙන සිටියා...

සූර්ය වංශයේ සූර්ය මණ්ඩපය 🌞

" සූර්යන් ඔබෙ මේ තරම් වෙලා ගත්තේ ඇයි "

" භද්‍ර දේවමණ්ඩලයේ අධීක්ෂණය යටතේ අපිට ඉන්න වුනේ "

" එසේනම් ඔබට ආරංචිද සිදුවන දේ ගැන "

" කුමක් ද "

" දේව මණ්ඩලය හදිසි කැදවීමක් කරලා වංශ දෙකටම අද රාත්‍රියෙදීම "

" කුමක් සිදුවනවා ඇතිද..ඔවුන් කිසි විටෙකත් අපව රැගෙන යන්නේ නැහැනේ "

" නමුත් මෙවර එය වෙනස් සූර්යන්..වංශ නායකතුමා හා වංශ උරුමක්කරු දෙදෙනාම එහි යා යුතුයි.. "

" කුමක්ද...!? "

" ඔව් ඔබ වංශයට පැමිණෙන තෙක් නායකතුමා බලා සිටිනවා.."

" මා එසේනම් ඔහුව හමුවී පැමිණෙන්නම් "

පෙර කිසිම දිනක සිදු නොවූවක් මෙය.. දේව මණ්ඩලය හා පවත්වන කිසිම කතා බහක් සදහා වංශ නායකයන් දෙදෙනා හැරුන කොට කිසිම කෙනෙක්ට යාමට අවසර තිබුනේ නෑ.. ඊට හේතුව වුනේ වංශ දෙක අතර පැවති කෝන්තර හා අනාවැකි වගේ බලගතු සෑම රහසක්ම නායකයන්ට පමණක් සීම කල නිසා..මන්ද යත් උරුමකරු ඕනෑම මොහොතක වෙනස් විය හැකි නිසා එවැනි රහස් ඔවුන්ට පැවසීම බොහෝ අවදානම් නිසාවෙනි..

නමුත් මෙවර එය වෙනස් වුනා..වත්මන් උරුමකරුවන් දෙදෙනා දේව මණ්ඩලය සභාවට රැගෙන යාමෙන් බොහෝ දේ පැවසෙනවා..එය ඔවුන්ගේ බලය තහවුරු වීමක් ලෙසද පෙනෙනවා..නැතහොත් එය නායකවරුන්ට පමණක් පාලනය කලහැකි තත්වයක් නොවන බවක් හැගවෙනවා..එහෙමත් නැතිනම් ඊටත් වඩා විශේෂ යමක්..

හිතේ දෙගිඩියාවෙන්ම සූර්යන් වංශ නායකයා හමුවට පැමිණියා..

" සැරදේවා නයකතුමනි!!! "

" ආහ් සූර්යන් ඔබ පැමිණිලා.. "

" එහෙමයි නායකතුමනි.. දේව මණ්ඩල අධීක්ෂණය යටතේ පිරිසිදු කිරීම අවසන් කර පැමිණියා "

" බොහොම හොදයි..සූර්යන් මට ඔබට පැවසීමට යමක් තිබෙනවා.. අද රාත්‍රියේ දේවඅණ්ඩලයේ හදිසි සභාවක් කැදවලා.. ඒ සදහා ඔබත් පැමිණිය යුතුයි.. "

" නමුත් නායකතුමනි මීට පෙර එවැන්නක් සිදු වී නැහැනෙ.. "

" මා දන්නව ඔබ අදහස් කරන දේ.. සූර්යන් ඔබ තරම් බලවත් කෙනෙක් මේ වංශයේ තව නෑ..එ නිසා අප වංශයේ උරුමකරු වෙනස් වෙන්නේ නැති බව සහතිකයි.. ඒ බව චන්ද්‍ර වංශය ද සනාථ කරා..එමනිසා ඔබ දෙදනාව මින් පසුව දේව මණ්ඩල සභා වෙත රැගෙන යාමට දේව මණ්ඩලය අණ කරා "

" නායකතුමනි... "

" සූර්යන් මා ඔබව විශ්වාස කරන බව ඔබ දන්නවා..දැන් ගොස් පිරිසිදු වී රාජ සළුපිලි ඇද මා වෙත පැමිණෙන්න.."

" එසේය නායකතුමනි !!! "

සූර්යන් පීඩිත හදවතින් නැවත ඔහුගේ කුටියට පැමිණියා..ඒ වන විටත් නායකතුමාගේ අණ පරිදි ඔහුව සූදානම් කිරීමට පාලකයන් ඔහුගේ කුටියට ඇදුම් ආයිත්තන්ද රැගෙන ආවා..

ඔහු රෝස වතුරෙන් නාලා දිගු කොණ්ඩය පීරා සුදු පාට දුහුල් යට සළු ඇද ඊට උඩින් රතු පාට තරමක් ඝන සළුවක් ඇද ඊට උඩින් රතුපාට ගිනිදැල් පින්තාරුවක් සහිත ඝන ලෝගුව හා බද පටිය ඇද රක්ත මාණික්‍යන් සහිත රත්‍රන් ආභරණ පැලද එයා ගාම්භීර පෙනුමකින් තේජ්ස් වුනා..

( ඇදුම් ගැන අයිඩියා එකක් ගන්ඩෝ 🙈♥️ )

රාජ සළුපිලි පැලද සිටි සූර්යන් තව තවත් බැබලෙද්දි වංශයේ සිටි තරුණියන්ට ඔවුන්ගේ විවාහය මෙන් දැනෙන්න ගත්තේ සූර්යන් මෙවැනි ඇදුම් ඇන්ද පලවෙනි වතාව නිසා..ඇත්තෙන්ම එය වංශයේ විවාහ මංගල්‍යයට අදින ඇදුම හා සමාන වුනා..

භද්‍රත් ඔහුගේ කඩවසම් මිතුරා දිහා බලන් සිටියේ අනාගත වංශ නායකයා ලෙස ඔහු සැබෑවටම ඕනෑවටත් වඩා සුදුසු බව සිතමින්.. හැඩට ඇද පැලද සිටි සූර්යන් කුමාරයා වංශ නායකයා හා එක්ව දේව මණ්ඩලගේ දේව මණ්ඩපයට යන්නට පිටත් වුයේ දේව මණ්ඩලය එවා තිබූ මායා කරත්තයෙන්..දේව මණ්ඩලය අහස් තලේ වලාකුළු තුල සැගව තිබූ නිසා එහි හරිම ගමන් මාර්ගය භූමි තලයේ කිසිම කෙනෙකු දැන සිටියේ නැහැ..

අහස් තලයේ අදුරු වලාකුළු අතරින් රන් පැහැ දිව්‍ය මාලිගයට පැමිණෙද්දී සූරයන් වට පිට බැලුවේ මේ කිසිම දෙයක් ඇස් අදහා ගත නොහැකිව..

" මාත් කුඩා කල ඔබ වගේමයි සූර්යන්..මෙහි පැමිණි පලමු දින මාත් ඔය ආකාරයටම ඇද පැලදගෙන ඔය ආකාරයටම වට පිට බැලුවා.. "

" මෙය ඇස් අදහාගත නොහැකි දසුනක්නේ නායකතුමනි "

" ඔව් දේව මණ්ඩලයේ සිදුවන සෑම දෙයක්ම අපි කිසිවෙකුටත් අදහාගත නොහැකි විශ්මයන් "

සූර්යන් වට පිට බලමින්ම දේව මණ්ඩපය අසලට පැමිණියා..නායකතුමා හිස මදක් සොලවා ලෑස්ති වෙන ලෙස ඉගි කරද්දි සූර්යන් හිතට ගාම්භීර බව මවා ගත්තා.. ඔවුන් ඉදිරිපස තිබූ රත්‍රන් දොරටුව ඇරෙද්දි ආලෝකය ලොව පුරා විදිදන් තරම් අලංකාර වූ දේව මණ්ඩපය ඔවුන්ගේ ඇස් ගැටුනා..

නැහැ!!! සූර්යන්ගේ ඇස් ගැටුනේ වෙන දෙයක්..ඔහුට විශ්මය දනවන බොහෝ දේවල් මණ්ඩපයෙන් දැක ගන්නට හැකි වුවත් ඔහුගේ ඇස් ගැටුනේ එකම එක දෙයක් විතරයි..

ඒ චන්ද්‍රන්
.
.
.
.
.
.

හායියූ ~

මොකද හිතන්නේ කතාව ගැන? අදහස් කියන් යමුද?

ගිහින් එන්නාම්~
බායියූ ~

සූආහ් 🌸

Comment