Chapter 20 🖤

🌄🌄.....

'කුමරුනි..කුමරුනි....ඔබ දැන් අවදිවිය යුතුයි...කුමරුනි...'

'අහ්...පිටත සිට කෑ ගැසීමෙන් වළකින්න...මා අවදි වී අවසන්..'

ශාන් යහනේ හිදගෙනම තමනට අවදිවන්න යැයි කුටියෙන් පිටත සිට පවසමින් සිටින තම සේවකයාට කෑ ගැසුවේ යහනේ තිබූ කොට්ටයක්ද දොර දෙසට දමා විසි කරමින්...

ශාන් කුමරුගේ පෞද්ගලික සේවකයා..

සේවක ශෙන්ග්..




........................

'කුමරුනි....අවදිවන්න..මා ඔබට පැවසූවා...දැන් අවදිවන්න...'

'මාද ඔබට පැවසූවා....පිටත සිට කෑ ගැසීමෙන් වළකින්න කියා....මා අවදි වී අවසන්...'

'එසේයි කුමරුනි...'

'නැවතත් කෑ ගැසීමෙන් වළකින්න කරුණාකර...'

'එසේයි එසේයි...කමා කරන්න කුමරුනි...නමුදු ඔබ දැන් අවදි විය යු....'

'සේවක ෂෙන්ග්....'

'හොදමයි කුමරුනි...'

ශාන් යහනේ හිදගෙන තම හිසකෙස් අතින් සාදාගත්තේ කුටියට වැටී ඇති හිරු කිරණ දෙසද බලමින්...

'මොකට උදේ වෙනවද මන්දා....මල කරදරේ...'

'කුමරුනි...'

'නැවතත්...කිමද?...'

'රැජිණිය ඔබට හැද පැලදගෙන රාජ්‍ය භෝජනාගාරයට පැමිණෙන ලෙස පැවසුවා...'

'ඇයට පවසන්න මා තව මද වේලාවකින් පැමිනෙන බව..එසේම ඔබට තවත් කුමක් හෝ පැවසීමට අවශ්‍ය නම් පිටත සිට කෑ ගැසීමෙන් වැළකී මගේ කුටියට පැමිණෙන්න...දොර විව්‍ර්තවයි තිබෙන්නේ...'

'එසේයි කුමරුනි...'

'පැමිණ මගේ යහන සකසන්න...මා පිරිසිදු වීමට යනවා..'

'එසේයි කුමරුනි'

ශාන් තම පෞද්ගලික සේවකයාට අණ කර නාන කුටියට ගොස් පිරිසිදු වී හැද පැලදගෙන පිටතට පැමිණියා...

'කුමරුනි...ඔබට ආභරණ පැළදීමට අමතක වූවා...'

සේවක ශෙන්ග් පිටතට පැමිණ කුමරුන්ගේ මග හරස් කරමින් පැවසුවේ කුමරු ගැඹුරු සුස්මක් හෙළද්දි....

'මා ආභරණ පැළදීමට රිසි නැහැ...වෙනත් දිනයක මා පළදින්නම්...'

'නමුත්...නමුත් ඔබ කුඩා කල...'

'ඒ මා කුඩා කළ...දැන් මා ඔබට පැවසුවානේ...මා ආභරණ පැළදීමට මනාප නැහැ...පිටවන්න'

ශාන් දැඩි හඩකින් ඔහුට අණ කලේ ඔහු කුමරුන්ට හිස නමා එම ස්ථානයෙන් පිටවෙද්දී...

.................

'සුභ උදෑසනක් පුතුනි...'

'සුභ උදෑසනක් පියාණනි...සුබ උදෑසනක් මෑණියනි...එසේම ඔබටත් සුභ උදෑසනක් මගේ සහෝදරිය....'

ශාන් ඇනබෙත් දෙස සිනහවකින් බලා පවසා තම අසුනෙන් හිදගත්තේ ඇනබෙත් ඔහු දෙස රවා බලද්දී...

'සුබ උදෑසනක් මාගේ සහෝදරයාණනි....'

ඇයද උස් හඩකින් පැවසුවේ ෆෙන්ග්මියන් රජු මහ හඩින් සිනාසෙද්දි....රැජිනිය ද සිහින් සිනහවකින් ඒ දෙස බලා සිටියේ ශාන් කිසිදු තැකීමකින් තොරව තම උදය ආහාර වෙලා රස විදිද්දී....

'ඔබ මා හට එසේ ඇමතීම මට විශාල ගෞරවයක් සහෝදරිය....'

'මා හටද එය එසේමයි මගේ සහෝදරයාණනි...'

'ඔබ සහෝදරයාණනි යැයි පවසනවිට මා හට හැගෙන්නේ විශාල සතුටක්....ඔබටත් එසේද?...'

'එසේයි එසේයි...නමුත් ඔබ ඔය මුව වසාගෙන ඔබේ ආහාරය භුක්ති වින්දේ නැතහොත් ඔබ ඉතාමත් රසවත් පුඩින් ප්‍රහාරයකට ලක්වනු නිසැකයි...'

'හොදමයි සහෝදරිය....'

'ඔය මගුල නවත්තනවා ශාන්...උදේම විකාර නටනවා...'

රැජිනිය උස් හඩින් කෑ ගැසුවේ මේසයේ සිටි අනෙක් තිදෙනාම ගැස්සී ඇය දෙස බලද්දී....

'කුමක්ද මෑණියනි?'

ශාන් සන්සුන් හඩකින් විමසුවේ ඇනබෙත් දෙසටද බැල්මක් හෙළමින්....ඇනබෙත්ද තම හිස දෙපසට සලා කුතුහලයෙන් පිරි බැල්මක් රැජිනිය දෙසට හෙළුවා...

'ඔබට නොහැකිද ගැළපෙන සුදුසු වස්ත්‍රයකින් සැරසීමට?....කුමක්ද ඔබ ඔය හැදගෙන තිබෙනුයේ....එය සාමාන්‍ය වස්ත්‍රයක්....ඔබ කුමාරයෙක්...ඔබ රාජකීය ඇදුම් පැළදුම්වලින් සැරසිය යුතුයි....'

'මෙය මගේ ඔබ පවසන පරිදි රාජකීය කබඩයේ තමා තිබුනේ....'

'හුහ්...එවිට කොහිද ආභරණ...ඔබ ඒවා පළදා නැහැ...'

රැජිනිය එසේ පවසමින් ඇනබෙත් දෙසද බැලුවේ ඇනබෙත් තම දෙඅත් ඉක්මනින් පහතට ගෙන සගවාගනිද්දී...

'මෑණියනි...එම ආභරණ මා හට කරදරයක්...ඒවා පළදාගෙන ඇවිදීම මා හට පීඩාවක්...නිරතුරුවම චර චුරු හඩ නගමින් ඒවා සෙලවෙනවිට මා හට ඒවා ගලවා විසි කිරීමට සිතෙනවා...එම නිසා විසි කිරීමට වඩා එම ආභරණ මගේ කුටියේ ආරක්ශා සහිතව තිබීම වටිනවානේ...ඔබ එසේ සිතන්නේ නැතිද?...'

ශාන් සෙමින් විමසනවිට ෆෙන්ග්මියන් රජු තම සිනාව සගවාගැනීමට අහක බලාගත්තා...

'ශාන්....ඔබගෙන් කුමාරයෙකුගේ ගති ලක්ෂණ මැකී යමින් පවතින හැඩයි....එම නිසා ඔබ අද පටන් අප රාජකීය ඇදුරුතුමා යටතේ නැවතත් පුහුණුවීම් ඇරඹිය යුතුයි...'

'කුමක්...පුහුණුවීම්?...මා හට අනෙක් ලමුන් සමග එකතු වී ඉගෙන ගත හැකියිනේ...මා ඔවුන්ගේ ඇදුරුතුමන් සමග පුහුනුවෙන්නම්...'

ශාන් බැගෑපත් දෑසකින් විමසුවේ ඇත්ත වශයෙන්ම ඉගෙන ගැනීමේ අදහසින් නොවේ...ඔහුට යිබෝව හමුවීමට අවශ්‍යයි....ඔහු සමග කතාබස් නොකර...ඔහුගේ රතු පැහැති සිනිදු දෙතොල් සිපගන්නේ නැතිව ශාන් කෙසේද තමන්ගේ උදය කාලය වයසක ඇදුරුතුමෙකු සමග තනිව ගත කරන්නේ?...ඇනබෙත් තම දෙතොල් තදකරගනිමින් ශාන් දෙස බලා සිහින් සිනාවක් පෑවේ ශාන් ඇයට රවද්දී....ඇනබෙත් සිටියේ තම සියලු පුහුණුවීම් අවසන් කර බැවින් ඇයට අනෙකුත් සිසුන් සමග එක්වී සිටීමට අවස්ථාව ලැබී තිබුණා...

'කළ හැකි දෙයක් නැහැ ශාන්...ඔබ උදය ආහාරය අවසන් කළ විගස ඉගෙනුම් කටයුතු ආරම්භ කළ යුතුයි...'

'මෑණියනී.........'

ශාන් තම මුව ඇද කරගනිමින් සුසුමක් හෙළුවේ ෆෙන්ග්මියන් රජු ඔහුගේ අතට තට්ටුවක් දමද්දී...ලියානා රැජිනිය තම ආහාරය අවසන් කර කෝපයෙන් භෝජනාගාරයෙන් පිටවනවිට ෆෙන්ග්මියන් රජු ශාන් දෙස බැලුවා...

'පුතුනි...'

'පියාණනි...'

'ඔබේ ඉගෙනුම් කටයුතු දහවල් දොළහ වන විට අවසන් කරන්නයැයි මා ඇදුරුතුමන්ට පවසන්නම්....එම කටයුතු අවසන් වූ විගස මෑණියන් ඔබ සොයා පැමිණීමට පෙර ඔබ එම ඉගෙනුම් කුටියේම පවතින පිටුපස ද්වාරයෙන් පිටවන්න....මා ඇයට පවසන්නම් ඔබ ඩ්‍රැකෝව සොයාගිය බව...'

'ඔබට තුතියි පියාණනි...'

'ඔබ වෙනුවෙන්...ඕනෑම දෙයක් පුතුනි...ඔයාගේ කැමැත්තට මන් ඉඩ දෙනවා හැමවෙලාවෙම..මොකද මන් දන්නවා කවදාවත් ඔයා වැරදි තීරණයක් ගන්නෙ නෑ කියලා...එසේනම් සුභ දවසක් ශාන්...ඇනබෙත්...'

ෆෙන්ග්මියන් රජු එසේ පවසමින් ශාන්ගේ සහ ඇනබෙත්ගේ නළලත සිපගෙන භෝජනාගාරයෙන් පිටවූවා...

'ඇනබෙත්...යිබෝට කියන්න මන් එන්න පරක්කු වෙයි කියලා...ඒ වගේම හේතුවත් කියන්න...බායි...මන් ඉක්මන්ට එන්නම් මේ රෙද්ද ඉවරයක් කරලා...'

'හරේ...මගේ සුභ පැතුම්...'

'සුභ පැතුම් රෝල් කරලා ගහගනින් ඔය සුප් එක ඇතුළේ...මගුල...'

ශාන් එසේ පවසා කුටියෙන් පිටවී ඉගෙනුම් කුටිය සොයා ගියා...





'ඔබ ප්‍රමාදයි කුමරුනි....'

කුටියට ඇතුළ්වනවිටම ඇසුණු කටහඩින් ශාන් ගැස්සී ගොස් ඉදිරිය බැලුවේ එහි සිටි වයසක ආචාර්යවරයා දෙස...

'මා බොහෝ වේලාවක් ප්‍රමාද වූයේ නැහැ ආචාර්යතුමනි...'

'ඔබ මෙහි පැමිණීමට නියමිත වන්නේ උදේ 8ටයි කුමරුනි...නමුත් ඔබ පැමිණියේ අට පසුවී විනාඩි පහක් ගිය පසුයි...'

'කමා කරන්න මා හට...'

'එසේයි...ඔබේ පළමු දිනය බැවින් මා කමා කරන්නම්...නමුත් මින් පසුව මෙය සිදුවන්නට නොහැකියි...'

'එසේයි ආචාර්යතුමනි...'

ශාන් හිස නමමින් පැවසුවේ කුටිය වටේටම තම නෙත් යොමු කරමින්....

'ඔබේ භාශා හැසිරවීම නම් නිවැරදියි කුමරුනි...නමුත් අප මුල සිටම අපේ පාඩම් ආරම්භ කළ යුතුයි....ඔබට එක පාඩමක් හෝ සිහියේ තිබේද මා කුඩා කළ ඔබට ඉගැන්වූ?...'

'ඔබ නොවේ මා හට කුඩා කළ ඉගැන්වූයේ...'

ශාන් සිතීමටත් පෙර එය ඔහුගේ මුවින් පිටවුයේ ආචාර්වරයා ශාන්ට දැඩි බැල්මක් හෙලද්දී...

'මා එය දන්නවා..එසේනම් මා හදුනාගන්න...මම ආචාර්ය ෂෙන් ටියන් බායි...‍රාජකීය ආචාර්යවරයා...නමුත් ඉගෙනුම් කටයුතුවලදී මා ඔබේ ගුරුවරයා...ඔබ මගේ ශිෂ්‍යයා නැතහොත් ගෝලයා...එමනිසා ඔබේ වැරදිවලට මා හට දඩුවම් කිරීමට සිදුවෙන බව සිහියේ තබාගත්තොත් හොදයි...'

'එසේයි ආචාර්ය ශෙන්....'

ශාන් තම සිත තුළ නැගී එන කෝපය පාලනය කරගනිමින් පැවසූයේ ආචාර්යවරයා ශාන් දෙසට ඇස් කොනින් බැල්මක් හෙලා තම මේසය වෙතට ඇවිද යද්දී...

'ඉතින් මා හට පිළිතුරු දෙන්න...ඔබට එක් පාඩමක් හෝ සිහියේ තිබේද?...'

'මා හට සියලු පාඩම් මතකයේ තිබෙනවා...'

'හොදයි එසේනම් අප පරීක්ෂා කරමු....'

'එසේයි...'

'පළමුවෙන්ම සන්ගීතය...'

'හොදයි ආචාර්යතුමනි....'

'මා ඉදිරියෙන් හිදගන්න...ඇයි ඔබ වටපිට බලනුයේ...මේ බිමින් හිදගන්න...පොළොව මත හිදගන්න...'

'එසේයි'

ආචාර්යවරයා සැපපහසු අසුනකින් හිදගෙන තම මේසය මත සන්ගීත භාණ්ඩ රැසක් තබාගත්තේ ශාන් සීතල පොළොවේ හිදගෙන ඔහු දෙස බලා සිටිද්දී....

'එසේනම් අප පටන් ගමු...මගේ පළමු ප්‍රශ්නය..ඔබට රාග පිළිබද මතකද?...'

'එසේයි....'

'එසේනම් රාග කිහිපයක නම් පවසන්න මට...'

'ම්ම්...යමන්...බිලාවල්..භූපාලි...කාෆි...භෛරව...භෛරවී...'

'අගෙයි...'

............................................................................

'ඇනබෙත්...ඇනබෙත්...'

යිබෝ මුළු නගරයේම ඇනබෙත්ගේ නම කෑ ගසමින් ඇයව සොයා ගියේ පර්සි නිකෝ ලූක් ද ඔහු පසුපස දිව එද්දී...

'යිබෝ...ඒ දෙන්නා ඒවි...කලබල නොවී ඉදපන්කෝ...'

'ශාන් මට කිව්වා උදෙන්ම එනවා කියලා...'

'ඉතින් බන් ඌට මොකක් හරි වැඩක් වැටෙන්නැති...ඌ කුමාර....'

'සුභ උදෑසනක් කට්ටියටම...කොහොමද ඉතින්?..'

කට්ටියම කටත් ඇරගෙන බලන් හිටියේ එකසැරේම කොහේදෝ ඉදන් කඩාපාත්වෙච්ච ඇනබෙත් දිහා...ඇනබෙත් කිසි දෙයක් උනේ නෑ වගේ හිනාඋනේ යිබෝ ඇනබෙත්ගේ උරහිසට ගහද්දී...

'කොහෙද යකෝ අතුරුදන් වෙලා හිටියේ...අපි කොච්චර හෙව්වද?...'

'ආ...මන් මේ දැන් ආවේ...'

'කෝ ශාන්?...'

'ආ මේ එයා...'

ඇනබෙත් අනිත් කට්ටිය දිහත් බලලා යිබෝගෙ කර වටේ අතදාගෙන යිබෝගෙ ඔලුවට අනිත් අතෙන් තට්ටුවක් දැම්මා...

'එයා කුමාරයෙක්නේ බෝ...'

'වටේ යන්නැතුව කෙලින් කියන්න ඇනබෙත්...කෝ එයා?...'

'මෑනියන් එයාට අණ කරා ආයිමත් ඉගෙනුම් කටයුතු ආරම්භ කරන්න කියලා...'

'අපිත් එක්ක නෙවෙයිද?...'

'නැහැ...එයාගෙන් කුමාරයෙක් ලග තියෙන්න ඕන හැසිරීම මැකිලා යනවා කියලා එයාට කිව්වා රාජකීය ආචාර්යවරයා එක්ක පුහුණුවීම් කටයුතු ආරම්භ කරන්න කියලා තනියම...'

'අද විතරද?...'

'මන් හිතන්නේ ඒක මාසයක් වගේ තියෙයි...ඒත් ශාන් ඉක්මන්ට ඉගෙන ගන්න නිසා ඉක්මන්ට ඉවරවෙන්න පුලුවන්...එයා දොළහට එන්නම් කිව්වා ඔයාව බලන්න...'

'ඇත්තටමද?...'

'ඔව්...එයාට දොළහට ඉවරයි...එයා ඔයා බලන්න අනිවාරෙන් එනවා කියලා කියන්න කිව්වා...ඒ නිසා දුක් නොවී ඉන්න...එයා ඒවි...'

'හ්ම්ම්...'

යිබෝ කෙටියෙන් උත්තර දීලා සුසුමක් හෙළලා හිමීට හිනාඋනා...

'කමක් නෑ..එයා දවල්ට එනවනේ...එතකන් මට ඉන්න පුලුවන්...'

'හොද ලමයා...දැන් අපිත් යන්...අපිත් ඉගෙනගන්න එපැයි අපතයෝ වගේ ඉන්නැතුව...'

ලූක් යිබෝගෙ කොණ්ඩේ අතගාලා කියලා ඉස්සර උනාම අනිත් අයත් යිබෝ හිනස්සන්න ඕන නිසා ආතල් එකේ කතා කර කර ඉගෙනුම් ශාලාවට ගියා...

..........................................................................................................................................................................................................................................................🖤😜

හායි හායි...කෝමද ඔයාලට?...

එක්සෑම් නම් ඉවරයි...හෙට ඉදන් ලකුණු දෙනවා...මට සාධාරණ සැකයක් තියෙනවා ලකුණු අඩු වෙලා තිබ්බොත් මාව දොට්ට දායිද කියලා..එහෙම උනොත් මට ඔයාලගෙ ගෙදර එන්න පුලුවන් වෙයිද දන්නෑනේ...😂💔💔🤚

වෙයිබෝ නයිට් බැලුවද ළමායි....මට ඇත්තටම කියාගන්න බැරි සතුටක් දැනෙනවා....ඒ දෙන්නා එක ස්ටේජ් එකේ ඉන්නවා දැක්කම මට ගොඩක් සතුටුයි...😘🥺💖💚💛ග්ලව්ස් දැම්මා නේද බෝබෝ...නොකිය කියන්නේ ඒ දෙන්නා මැරි කරන්න යනවා කියලද දන්නෑ...මට සාධාරණ සැකයක් තියෙනවා මේ දෙන්නා අපිට නොකිය මැරි කරලවත්ද කියලා..😏💛😂කෝමහරි ලමයි...ග්ලව්ස් නිසා දැනගත්තා Zhanyi තමා රියල් කියලා...😏😂💛💛

කතාව ලස්සනද කියන් යන්න...බායි...ආදරෙයි හැමෝටම...ඒ වගේම අපේ ශන්ගා බෝ දෙන්නටත්...ඒ දෙන්නා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ...එක්කෙනෙක් සතුටින් ඉදලා අනිත් කෙනා දුකෙන් ඉදලා වැඩක් නෑනේ...මට ඕනේ දෙන්නම සතුටින් ඉන්නවා දකින්න...මොකද ඒ දෙන්නා තමා මගෙත් සැනසීම...💛🥺😘

මෙන්න මෙයත් අද කතාව දෙනවා කිව්වා...මතක ඇතුව ඉල්ලගන්න ලමයි...මට කිව්වා දෙනවා කියලා..

@VillainAdih 

Comment